ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විදේශ තානාපතිවරුන් 12 දෙනෙකු සඳහා අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයක් හෙට (30) මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට සූදානම් කර ඇත.
ඒ අනුව හෙට උදෑසන 9.30 සිට දහවල් 12.30 දක්වා මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය දැනුම් දෙනවා.
එහිදී තානාපතිවරුන් ගමන්ගන්නා ජනාධිපති මන්දිරය දක්වා වූ මාර්ග දෙපස රථ වාහන නැවැත්වීමට අවසර ලබා නොදෙන බව පොලිසිය පවසනවා.
උදෑසන 9.30 සිට 11.00 දක්වා කාලය තුළ දී එම මාර්ගවල ගමනාගමනය වරින් වර සීමා විය හැකි බවද පොලිසිය සඳහන් කරයි.
එම මාර්ගයන් අතර,
ඩී.එස්. සේනානායක වීදිය.
නගරසභා හන්දියේ සිට කුවින්ස් හෝටලය දක්වා මාර්ගය.
දළදා වීදීය.
කුවින්ස් හෝටලය හන්දියේ සිට දළඳා වීදීය කොටුගොඩැල්ල වීදීය හන්දිය දක්වා.
කොටුගොඩැල්ල වීදීය දළඳා වීදීය හන්දියේ සිට කොටුගොඩැල්ල වීදීය රජවීදිය හන්දිය දක්වා.
රජවීදීය කොටුගොඩැල්ල වීදීය හන්දියේ සිට ජනාධිපති මන්දිරය දක්වා.
වූ මාර්ගයන්වල ගමනාගමනය එලෙස සීමා වෙයි.
මේ අතර එම කාලය තුළ මහනුවර සිට කටුගස්තොට දෙසට ගමන් කරන රථවාහන සැලැස්ම පොලිසිය විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින් ,




