වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එල්ල වී ඇති යම් චෝදනාවක් සම්බන්ධයෙන් හදිසි පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් නියෝග නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම පරීක්ෂණ කටයුතු ඉවර වන තෙක් එතුමන් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියේ.



