දේශීය

ඉවසීමෙන් කටයුතු කරන්න- කඩා කප්පල්කාරීන්ගේ යෝජනාවලට රැවටෙන්න එපා

ඉදිරියේදී උද්ඝෝෂණ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදු කරන ලද විශේෂ ප්‍රකාශය

මහජන ආරක්ෂක ඇමතිවරයා ලෙස මගේ වගකීම; නීතිය හා සාමය රැකීම සහ ජනතාවගේ ආරක්ෂාව සපයන එක. අපි දන්නවා ගෑස්, විදුලිය,ඉන්ධන සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටිනවා. මෙම තත්ත්වය උදාවීම ගැන රජයක් වශයෙන් වගකීමෙන් බැහැර වෙන්න බැහැ. බැහැර වෙන්නෙත් නැහැ. මේ සම්බන්ධයෙන් ජනතාව උද්ඝෝෂණ තියනවා, රැළි පවත්වනවා. ඒක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒක රජය විසින් කිසිසේත්ම උදුර ගන්නෙ නැහැ. නමුත් උද්ඝෝෂණ මුවාවෙන් පොදු දේපලවලට හානි සිදු කරනවා නම්, වෙළඳසැල් කඩනවා නම්, නිවාසවලට අලාභ හානි කරනවා නම්, ඔවුන්ට විරුද්ධව පොලීසිය දැඩි නිතිමය පියවර ගන්නවා කියන එක ඉතා පැහැදිලිව මම කියන්න කැමතියි.

පොලීසියට උපදෙස් දීල තිබෙනවා මේ කඩාකප්පල්කාරීන් අතර සාමකාමීව සිටින අය හඳුනා ගන්නා ලෙසත්, විශේෂයෙන්ම මාධ්‍යවේදීන් කරන්නෙ ඔවුන්ගෙ රාජකාරිය. ඔවුන්ටත් හිරිහැරයක් නොවන ලෙසට කටයුතු කරන ලෙස මම පොලීසියට උපදෙස් ලබා දීල තියෙනවා. පොලීසිය කරන්නෙ තමන්ගෙ රාජකාරිය. මිරිහාන සිද්ධියේ දේපල හානිය රුපියල් ලක්ෂ 390 ක්. ඒ සම්බන්ධයෙන් රාජකාරී කරන්න ගිහින් මගේ පොලිස් නිලධාරීන් 17 ක් බරපතල තුවාල ලැබුවා. සමහරු තුවාල කරගෙන තවමත් රෝහල් ගතව සිටිනවා. ඔවුන් තුවාල කරගෙන, අපහාස විඳගෙන කඩාකප්පල්කාරීන්ගෙන් බැණුම් අහගෙන ඔවුන් කරන්නෙ ඔවුන්ගෙ රාජකාරිය. ඔවුන්ගේ එම රාජකාරිය පිළිබඳව අවබෝධයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අවසාන වශයෙන්, ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව රජය හොඳින් තේරුම් අරගෙන ඉන්නෙ. ලෝකයේ බොහෝ රටවල් මේ හා සමාන ප්‍රශ්නවලට මුහුණ දෙනවා. රජය මේ ප්‍රශ්න විසඳීමට කෙටිකාලීන සහ දිගුකාලීන සැලසුම් දැනටමත් හදල තියෙනවා. ඒ සැලසුම් පිළිබඳව ඉදිරියේදී ජනතාව දැනුවත් කරන්න රජය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. කඩා කප්පල්කාරීන්ගේ යෝජනාවලට රැවටෙන්න එපා. නීතිය හා සාමය රකින ගමන් ජනතා ප්‍රශ්න විසඳීමට රජය බැඳී සිටින බව මේ අවස්ථාවේදී ඉතා පැහැදිලිව ජනතාවට කියා සිටිනවා.

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

3 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

5 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

6 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

6 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

6 days ago