විශේෂාංග

කන්න දෙනව නම් අපිට බොන්න දෙනව නම් – සමුගත් ගාමිණී අම්බලන්ගොඩ

(උපුටා ගැනීම – සරසවිය පුවත්පතෙන් – ප්‍රසාද් සමරතුංග විසිනි)

කන්න දෙනවානම් අපිට
බොන්න දෙනවානම් අපිට
මොන කෙංගෙඩියද
තව ඕනෙ කියන්නේ..
කන්න දෙනවානම්…

මේ ගීය කොහේදි හෝ ඔබේ සවනට වැකිලා ඇති.. එතරම්ම එය ජනප්‍රියයි.

මේ ගීතය ගයන ගායකයා රංගන ශිල්පියෙක් බවටද ඔබ හොඳීන් දන්නවා. වේදිකාව දෙවනත් වෙන්නට ඔහු රඟපාමින් මේ ගීතය ගයමින් නැටුවා. ජනක් ප්‍රේමලාල්ගේ රජගහේ නාඩගම වේදිකා නාට්‍යයේ අන්තර්ගත මෙම ගීයේ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි එකක් වුණා එලෙස අප පිනවූ රසවතා ගාමිණී අම්බලන්ගොඩ. ඔහු රුව දුටු සැණින් අපට මතක් වන්නේ වේදිකාව. පුංචි තිරයටද ගාමිණී සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඒ මතකයන් ඉතිරි කරමින් මේ සොඳුරු හිතවතා අපෙන් සදහටම සමුගෙන යන්නට ගිහින්. ඉතා දිගු කාලයක් ඔහුගේ රුව නිර්මාණයන් තුළදී දුටුවේ නැහැ. ඒ ගාමිණී රෝගාතුරව නිවෙසට වෙලා කාලය ගත කළ නිසා. මීට වසර හතරකට පෙර ඔහුගේ වම් පාදයෙන් කොටසක් ඉවත් කොට තිබුණේ හදිසියේ මතු වු රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන්. ඒ නිසා ඔහුට වසර හතරකට ආසන්න කාලයක් එක්තැන්ව සිටින්නට සිදු වුණා.

සක්‍රියව සිටි ගාමිණී අම්බලන්ගොඩ නිහඬ චරිතයක් වන්නේ එතැන් සිට. එය වේදිකාවට ලොකු අඩුවක් දැනුණු දෙයක් වුණා. මාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ සිය අක්කණ්ඩියගේ නිවෙසේ වාසය කළ ගාමිණී අම්බලන්ගොඩ ඉකුත් වසරේ අප හා පැවති සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ රඟපාන්නට හරි ආසාවෙන් සිටින බවයි. ඊට සරිලන අවස්ථාවක් ඔහුට ලැබුණේ නෑ. බොරු කකුලක් යොදාගනිමින් ඇවිදින්නට උත්සාහ කළ ගාමිණීගේ ඊළඟ බලාපොරොත්තුව වුණේ කෙසේ හෝ නිර්මාණයන්ට දායක වන්නට. අභාග්‍යයකට එය ඉටු නොවුණු බලාපොරොත්තුවක් වුණා. මීට දශක ගණනාවකට පෙර රත්නසිරි පරණවිතානයන්ගේ සිඟාල ගෝස්තරය වේදිකා නාට්‍යයේ පුහුණුවීම් බලාගෙන හිටි ගාමිණී අම්බලන්ගොඩ නැමැති තරුණයා නාට්‍ය කණ්ඩායමෙන් ලැබෙන ඇරැයුමත් එක්ක තමයි වේදිකා නාට්‍යය සම්බන්ධ වන්නේ. පසුව ඔහු දිගින් දිගටම කෝලම් නාට්‍ය සහ විවිධ නැටුම් ක්‍රම හැදෑරීමට පටන් ගත්තා. අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගාමිණී ඉතා ප්‍රකටයි කෝලම් නාට්‍ය කරුවෙක් විදියට. ජනක් ප්‍රේමලාල්ගේ හඳුනා ගැනීමත් සමඟ ගාමිණී අම්බලන්ගොඩ වේදිකාවේ අතිශය කාර්යබහුල නළුවෙක් වෙනවා. පුන්‍යසේන ගුණසේන, ලයනල් ගුණතිලක වැනි නිර්මාණකරුවන් යටතේ හැදී වැඩෙන ගාමිණී අම්බලන්ගොඩ නැමැති නළුවා පසුකාලීනව ප්‍රවීණයන් සමග කරට කර රඟපාන්නට පටන් ගන්නවා. රජගහේ නාඩගම, රූකඩ රාජ්‍යය රයිගමයයි ගම්පළයයි ඇතුළු නාට්‍ය ගණනාවක ගාමිණීගේ නිසඟ හැකියාව අපට දැකබලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම ආදරණීය පූර්ණිමා ඇතුළු ටෙලි නිර්මාණවල විවිධ චරිත නිරූපණය කළා. සුහද කොකා චිත්‍රපටයේ ගාමිණි රඟපෑ චරිතය ද අතිශය ජනපි‍්‍රය වුණා. ඒ කෙසේ වෙතත් ගාමිණී ඉතාම ජනප්‍රිය චරිතයක් බවට පත්වුණේ කන්න දෙනවනම් බොන්න දෙනවනම් ගීතය සමඟින්. ප්‍රසංග වේදිකාවෙ නටමින් මේ ගීය ජීවමාන කළ අන්දම ඉතාම රසවත්. සරල දිවි පෙවෙතක් ගත කළ ගාමිණී අම්බලන්ගොඩ මිය යන තෙක්ම අවිවාහකව හිටියා. ඒ පිළිබඳ අප ඇසූ වාරයක් වාරයක් පාසා ඔහු සිනාසෙමින් සඳහන් කළේ මේ තියෙන කරදර මදිවටද තවත් කරදරයක් මොකට පටලා ගන්නවාද යන්නයි. ජීවිත කාලය පුරා තනිකඩ දිවි පෙවතක් ගත කළ ගාමිණී අම්බලන්ගොඩ අප අතරින් සමු ගන්නේ වයස අවුරුදු 66 ගතවෙද්දී. 1955 මැයි 02 උපත ලැබූ ගාමිණීගේ අවසන් කටයුතු පසුගියදා මාතලේ පොදු සුසාන භූමියේදී සිදුවුණා

Recent Posts

ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා සමුගනී.

මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…

3 days ago

සාම පා ගමනට ගෞරව දැක්වීමට මග දෙපස එක්ව සිටින ජනතාවට පොලිසියෙන් නිවේදනයක්.

ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…

3 days ago

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

2 weeks ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

2 weeks ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

3 weeks ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

1 month ago