විශේෂාංග

ජේම්ස් වෙබ් දුරේක්ෂයේ ගොඩනැගීම්වල හොඳ තත්ත්වයක් අවසන්

දුරේක්ෂයේ විහිදුම් කුලුන Deployable නකර තිබෙනවා. ඊයේ (29) රාත්‍රී 8.15ට පමණ ආරම්භ වූ මේ ක්‍රියාකාරකම සඳහා පැය හය හමාරක පමණ කාලයක් ගත වුණා.

දැන් කුලුන, දුරේක්ෂයේ පාදම කොටසින් මීටර 1.22ක් ඉහළට එසවී ඇති අතර එනිසා දර්පණ හා විද්‍යාත්මක පරික්ෂණ උපකරණ සහිත ඉහළ කොටසත් ප්‍රචාලන හා ඉලෙක්ට්‍රොනික උපකරණ සහිත පහළ කොටසත් පැහැදිලි පරතරයකින් වෙන් වී තිබෙනවා. මෙසේ අතරමැදින් ඉඩක් තබාගැනීමේ අරමුණු දෙකක් තිබෙනවා. ඉන් එකක් නම් පහළ කොටසෙන් ජනනය වන තාපයෙන් දර්පණය හා පරික්ෂණ උපකරණ ආරක්ෂා කරගැනීමයි. දුරේක්ෂය සැලසුම් කර තිබෙන්නේ ඈත විශ්වයේ සිට එන අධෝරක්ත කිරණ (තාප තරංග) ග්‍රහණය කරගැනීමට නිසා දුරේක්ෂයේ මෙහෙයුම් උපාංගවලින් ජනනය වන තාපයෙන් නිපදවෙන අධෝරක්ත කිරණ සමග ඒවා ‘කලවම්’ නො වීමටයි මෙසේ තාපයෙන් ආරක්ෂා කරගැනීම වැදගත් වන්නේ. ඉහළ හා පහළ කොටස් අතර පරතරයක් ඇති කිරීමේ අනෙක් අවශ්‍යතාව වන්නේ සූර්ය ආවරකය දිගහැරීමට අවශ්‍ය ඉඩකඩ ලබා ගැනීමයි. (මීළඟට නියමිත ව තිබෙන, Aft Momentum Flap කොටස දිගහැරීමෙන් පසුවයි සූර්ය ආවරකය දිගහැරීම ආරම්භ වන්නේ. මේ සඳහා දින කිහිපයක් ම වැය කෙරෙනවා ඇති)

DTA ඒකකය, විශාල කළු පැහැති පයිප්පයක හැඩය ඇති කුලුනක් බඳු කොටසක්. (රූපය.) එය මෝටරයක් මගින් තමයි එසවීම සිදු කරන්නේ. ඒත් ඒ සඳහා අවශ්‍ය කරන මූලික ක්‍රියාකාරකම් සඳහා තමයි විද්‍යාඥයන්ට වැඩි කාලයක් ගත වී තිබෙන්නේ. කුලුන හකුළුවා රඳවා තිබූ කොටස් නිදහස් කිරීම, අවශ්‍ය කරන තාපය උත්පාදනය, මෘදුකාංග හා ඉලෙක්ට්‍රොනික ක්‍රියාකාරිත්වයන් මෙහෙයවීම එම ක්‍රියාකාරකම් අතර වුණා.
උපුටා ගැනීම : විදුසර

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

16 hours ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 day ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

3 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

4 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

4 days ago