දේශීය

මහජන සේවය වෙනුවෙන් අධිකරණ අමාත්‍යංශයෙන් විශේෂිත ජංගම සේවාවක්

අධිකරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් සිදු වන මහජන සේවාව මහජනතාවට සමීප කරවමින් යුක්තියට ප්‍රවේශයක් (ACCESS TO JUSTICE ) නමින් විශේෂ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව පැවැත්වීමට අධිකරණ අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ.

එම ජංගම සේවාව තුළින් උපරිම ආකාරයේ ජනතා සේවාවක් ලබාදීම පිළිබදව වු සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්. සිල්වා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අමාත්‍යාංශ දෙක යටතේ පවතින රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් අද (28) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වූණි.

මේ සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ උතුරු පළාතේ ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් ද එක්විය.

මෙම ජංගම සේවාව දිවයිනේ සියළුම පළාත් ආවරණය වන පරිදි සිදු කිරීමට සැලසුම් කර ඇති අතර උතුරු පළාත මූලික කර ගනිමින් අදාල කටයුත්ත ආරම්භ කිරීමට නියමිතව ඇත. 2022 ජනවාරි මස 28 වන දින සිට 31 වන දක්වා උතුරු පළාතෙහි විශ්ව විද්‍යාල සිසුන්, ප්‍රජා මුල නායකයින් හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහන් ද පැවැත්වීමට මේ වන විටත් කටයුතු සූදානම් කර ඇත.

විශේෂයෙන් මෙහිදී පොදු ජනතාවට බලපාන නීතින් පිලිබඳව ජනතාව දැනුවත් කිරීම, සංහිදියාව පිළිබදව ජනතාවට අවබෝධයක් ලබාදීම, මත් ද්‍රව්‍ය භාවිතයෙන් වන අයහපත් ප්‍රතිඵල පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කිරීම හා උතුරු පළාතේ ජනතාවට පවතින ඉඩම් ගැටළු උප්පැන්න විවාහ හා මරණ සහතික ලබා ගැනීම ඒ මොහොතේම සිදු කර ගැනීම වැනි පහසුකම් ද මෙම ජංගම සේවාව තුළින් සිදු කිරීමට නියමිතව තිබේ.
මෙම ජංගම සේවාව සදහා අමාත්‍යාංශ දෙක යටතේ පවතින රාජ්‍ය ආයතනවලට අමතරව විවිධ රාජ්‍ය ආයතනවල සහාය ලබා ගන්නා ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර රැකියා ලබා ගැනීමේදී යොමු විය යුතු ආකාරය පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කිරීමට ද කටයුතු යොදා ඇත.

මේ සදහා උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහෙහිම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශිය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන් ඇතුළු අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට නියමිතය.

මෙහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්රි මහතා සදහන් කළේ උතුරු පළාතේ ජනතාවට උපරිම ආකාරයේ සේවාවක් ලබා දිය හැකි පරිදි ජංගම සේවාව පැවැත්විය යුතු බවයි.

විශේෂයෙන් දැනුවත් කිරීමේ වැඩ සටහන් සදහා භාෂාත්‍රයම පිළිබදව දැනුමක් පවතින නිලධාරීන් යොමුකිරීමට කටයුතු කරන ලෙසත්, ජාතීන් අතර සංහිදියාව සමගිය සහෝදරත්වය ඇති වන ආකාරයේ වැඩ සටහන් පැවැත්වීම සිදු කළ යුතු බවත්, අමාත්‍යතුමා සදහන් කළේය.

අමාත්‍යාංශ දෙක යටතේ පවතින රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගෙන් ජංගම සේවාව සාර්ථකව පැවැත්වීම පිළිබඳව අදහස් හා යෝජනා ලබා ගැනීම ද මෙහිදි සිදු විය.

දිනමිණ පුවත්පත

Recent Posts

664361801761443232

664361801761443232

1 day ago

වැටුප් ඉල්ලා ලංකාදීප සේවකයෝ ලොක්කගේ කාර්යාලය වටලති

ලංකාදීප කියන්නේ කාලාන්තරයක් මුළුල්ලේ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වුණ පුවත්පත. ලංකාවේ විතරක් නෙවෙයි සමස්තයක් වශයෙන් ලෝකයේ…

3 days ago

රාහුල රාත්‍රිය, ඔක්තෝබර් 25 කොළඹදී

මාතර රාහුල විද්‍යාලීය කොළඹ ආදිශිෂ්‍ය සංගමය සජවිධානය කරන රාහුල නයිට් 2025, අති උත්කර්ෂවත් අන්දමින් ඔක්තෝබර්…

4 days ago

විරාට් කෝලි අදත් 0 යි මෑන් සමුගනීද? Virat Kohli fails to score in Adelaide

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීත් විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා. කෝලි පළමු තරගයේදීත්…

4 days ago

පාකිස්තාන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…

1 week ago

The Steuart by Citrus Reopens – A Historic Gem in the Heart of Colombo

file The Steuart by Citrus Reopens – A Historic Gem in the Heart of ColomboColombo,…

2 weeks ago