විශේෂාංග

ගෑස් ලිප් රතු එළි පෙන්වයි. සෙසු ලිප් ගෑස් පෙන්වයි

පවතින ගෑස් ප්‍රශ්නය නිසා ගෙවල්වල පැත්තකට දමා තිබූ උපකරණයක් නැවත සර්විස් කොට භාවිතයට ගන්නට බො​හෝ දෙනාට සිදුවිය. ඒ මෙතෙක් කලක් කුස්සියේ පැත්තට දමා තිබූ භූමිතෙල් ළිපය. කලක්පූජනීයත්වයෙන් සලකන ලද්දේ ගෑස් ළිප හෝ විදුලි ළිප නොහොත් හොට් ප්ලේට් එකය. භූමිතෙල් ළිප ලංකාවේ ගෑස් ආක්‍රමණයත් සමග ජනතාවගෙන් දුරස් වීමට ප්‍රධාන හේතුවක් වූයේ භූමිතෙල් නොහොත් ලාම්පු තෙල් කුකර්වල හදන කෑමවල භූමිතෙල් රහක් එනවා යැයි පොදු ජනතාව අතර ඇතිවූ කුප්‍රකට මතයට හේතුවාසනා වන්නටය.

එහෙත් අවසානයේ අනාථ වූ ජනතාව, සනාථ කරන්නට ආවේ ‘භූමිතෙල්’ ළිපය. දර ළිප අභාවයට ගිය නිසා අඩු ඉඩකඩක ලේසියෙන් ඉවුම් පිහුම් කරගන්නට බොහෝ දෙනා අලුතින් භූමිතෙල් ළිප් පවා ගන්නට පෙලඹුණේ මේ නිසාය. නමුත් භුමිතෙල් ළිප් අද වෙළඳපොලේ හිඟ ට. තිබුණොත් එය ගිනි ගණන් ය. එකල සිය ගණනට විකිණුනු කිසිවෙකු මිලදී නොගත් භූමිතෙල් ලිප අද දහස් ගණන් වේ. රුපියල් 4000ත් 6000ත් අතර ගණනකට නම් මිලදී ගැනීමට අවකාශ පවතී. වෙනත් විදුලි ලිප් ද හිඟ ය. සිංගර් වැනි ආයතනයකට ගිය විට එහි සේවිකාවන් ගේ මුහුණට සිනහවක් පැමිණේ. ඒවා නම් ස්ටොක් ඉවරයි සර්….

———————————————————————————————————–

ලංකාවට භූමිතෙල් ළිප් එන්නට පෙර කාලයේ අද මෙන් වැහි කාලවල එළියේ කුස්සියේ බිත්තියට හේත්තු කළ දර සුලබ දසුනක් විය. භූමිතෙල් කුකර් ඈත එකල නාගරික ජීවිතේ සමාජ තත්ත්වය පෙන්වන මෙවලමක්ද විය. විදුලි බලයෙන් ක්‍රියාත්මක හොට් ප්ලේට්ද කලක් මෙරට ගෘහණියන්ගේ ආහාර පිසින ප්‍රධාන උපකරණයක් විය.

විදුලිබල මණ්ඩලය පළ කළ දැන්වීමෙන් කියැවුණේ හොට් ප්ලේට්වලින් ආහාර පිසීම හා හීටර්වලින් වතුර රත් කිරීම සල්ලි කාබාසිනියා කරන අධික වියදම් සහිත කටයුත්තක් බවය. මේ නිසා හොට් ප්ලේට් හා හීටර් මුළුතැන්ගෙයින් අභාවයට ගියත් ඉඳහිට හෝ භාවිතයට බොහෝ ගෙවල්වල භූමිතෙල් කුකර් එක පැත්තකට දමා තිබුණේ විනෝදයට මෙනි.

නමුත් අපේ පොදු ජනතාව භූමිතෙල් ළිප සමග තිබුණ සබඳතාව මුළුමනින් අත්හැරියේ නැත. මේ අතරින් වතුකරයේ ජනතාව තවමත් සියයට හැත්තෑ පහකට වඩා භාවිත කරන්නේ භූමිතෙල් ළිපය. දැන් දැන් භූමිතෙල් කුකර්වලට දැමීමට වඩා භාවිත වන්නේ බස් රථවලට ඩීසල් වෙනුවට භූමිතල් ගැසීමටය.

සුදු යකඩ කුකර් මිලෙන් අධිකය. භූමිතෙල් ළිපෙන් උයන විට ඇළුමිනියම් භාජනවල කළු දුම බැඳීම දැන් කුකර්වල සිදු නොවේ. ඒ සඳහා පැට්‍රෝල්මැක්ස් එකේ මෙන් හුළං ගසා නිල් දැල්ල ගතහැකි භූමිතෙල් කුකර් දැන් වෙළෙඳපොළේ ඇත.

ගැනුම්කරුවන් බොහොමයකගේ අදහස්වලින් පෙනී ගියේ නැවතත් මෙරට මුළුතැන්ගෙවල්වලට භූමිතෙල් කුකර් එක ආගමනය වී ඇති බවත් ගෑස් හිඟයක් නැවත ඇතිවුවත් බය නැතුව උයන්නට ස්ටෑන්ඩ්බයි තියාගන්නට දැන් ඉතින් භූමිතෙල් කුකර් එකක්ද මුළුතැන්ගෙට අලුතෙන් එක්වූ බවය.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

1 day ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

1 day ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago