විශේෂාංග

ඔමික්‍රොන් – සෙල්ලමක් නෙවෙයි!

මීට ප්‍රථමයෙන් අප ඔබ දැනුවත් කළ පරිදි පසුගිය නොවැම්බර් මස 26 වෙනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, “දැඩි අවධානය යොමු කළ යුතු කොවිඩ් වෛරස ප්‍රභේද” අඩංගු කාණ්ඩයට ඔමික්‍රොන් නම් විකෘති ප්‍රභේදය ඇතුළත් කරනු ලැබුවා. එම නිවේදනයත් සමඟ, ඒ වන විට මෙම ප්‍රභේදය බහුලව පැතිරෙමින් තිබූ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියාව, සිම්බාබ්වේ සහ ස්වාසිලන්තය යන රටවලින් පුද්ගලයින් ශ්‍රී ලංකාව තුළට ඇතුලු වීම වහාම ක්‍රියාත්මක වන පරිදී අත්හිටුවනු ලැබුවා. එයට සමගාමීව, පසුගිය මාසය පුරාවට එම අවදානම් රටවලින් පැමිණි පුද්ගලයින් අමතර PCR/ RAT පරීක්ෂණ වලට භාජනය කිරීමටත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමටත් කටයුතු කෙරුණා. එමෙන්ම විදේශයන් හි සිට පැමිණ, කෝවිඩ් -19 රෝගීන් ලෙස PCR පරීක්ෂා මගින් හඳුනාගෙන ඒ වනවිටත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර සිටි පිරිසගේ සාම්පල ජානමය පරීක්ෂා ( ප්‍රභේදය හඳුනාගැනීමට) වලට විද්‍යාගාර වෙත යොමු කෙරුණ අතර ඒ අතරින් එක් සාම්පලයක ඔමික්‍රෝන් විකෘති ප්‍රබේධය අඩංගු බව දැන් තහවුරු වී තිබෙනවා. අදාළ පුද්ගලයාගේ ආශිතයින් හඳුනාගැනීම හා නිරෝධායනයට යොමු කිරීම ඒ හා සමගාමීව සිදුවී තිබෙනවා.කොවිඩ් -19 වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය පිළිබඳව දැනට අප දන්නා කරුණු බොහොමයක යම්කිසි අවිනිශ්චිතභාවයක් තිබෙනවා. එය ලොව පුරා දැනට පැතිරී පවතින ඩෙල්ටා ප්‍රභේදයට ද වඩා වේගයෙන් පැතිර යාමේ හැකියාවක් ඇති බවට දැනට සොයාගෙන ඇති ඇතැම් කරුණු වලින් සැක ඇති කෙරෙනවා. මෙය සත්‍ය වශයෙන්ම කෙතරම් දුරකට වැඩිවීමක් ද යන්න පිළිබඳව බොහෝ විට ඉදිරි සතිය තුළදී තොරතුරු ඉදිරිපත් වේවි.ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් සුළු අසනීප තත්ත්වයේ සිට බරපතළ තත්ත්වයන් වලටද ලක්විය හැකි බවට දැනට සිදුකරන ලද නිරීක්ෂණ වලින් දැක්වෙනවා. එහෙත් ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව මෙයින් ඇති කරන රෝග තත්ත්ව වල තීව්‍රතාව (virulence) පිළිබඳව දැනට අනාවරණය වී ඇති සාක්ෂි වලින් නිශ්චිතව කරුණු දැක්වීමට අපහසුයි.යුහුසුලුව සිදුවෙමින් පවතින පර්යේෂණ කටයුතුවල ප්‍රතිඵලයක් ලෙසින් ඔමික්‍රෝන් සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරි සතිය හෝ දෙක තුළ බොහෝ වශයෙන් හෙළි වීමට නියමිතයි. කරුණු එසේ වුවත් මෙම නව විකෘති ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට අප කළ යුත්තේ ඩෙල්ටා ප්‍රභේද යන ආරක්ෂා වීමට ගත් සියලු ආරක්ෂණ පියවරයන්ම තව දුරටත් තීව්‍ර කිරීම බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විද්වතුන් පෙන්වා දෙනවා.මේ වන විට විවිධාකාර වූ කොවිඩ් -19 ප්‍රභේදයන් ආසාදනයෙන් ඇතිවන රෝග ලක්ෂණවල තීව්‍රතාවය අවම කිරීමට සමත් වූ, දැනට භාවිතාවන එන්නත් නියමිත පරිදි නිර්දේශිත මාත්‍රා ගණන ලබා ගැනීම ඉදිරි වසංගත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ද ඉතාමත් වැදගත් වනවා.පෙර ප්‍රබේධ මෙන්ම , විවිධ උත්සව හා ප්‍රිය සම්භාෂණ වලදී සංවුර්ත පරිසරයක් තුළ බොහෝ දෙනා එකට කාලය ගත කිරීම වෛරසයේ නව ප්‍රභේද වේගයෙන් පැතිර යාමට හේතු වනු ඇති. එමෙන්ම වැඩි පිරිසක් සමග ගැවසීම, වාතාශ්‍රය අවම වීම, එකට හිඳ ආහාර ගැනීම වැනි විවිධ සාධක නිසා විවාහ මංගල උත්සව ආදි විවිධ ප්‍රිය සම්භාෂණ වෛරසය පැතිරීමට ඉතාමත්ම සුදුසු පරිසරයක් නිර්මාණය කරනු ඇති. එළඹෙන කාලය තුළ මෙවැනි අවස්ථා හැකිතාක් දුරට මඟ හැරීම සහ අප දන්නා අනෙකුත් කොවිඩ් නිවාරණ සෞඛ්‍ය පුරුදු අඛණ්ඩව පිළිපැදීමෙන් අපත් අපේ ආදරණීයන් සියලු දෙනා නව කොවිඩ් ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට මෙන්ම රටෙහි ආර්ථික කටයුතු අඩපණ වන ආකාරයෙන් වසංගත තත්ත්වය පැතිර යෑම වළක්වාලීමටත් බොහෝ දුරට උපකාර වනු ඇති.ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින් සංඛ්‍යාව වයස 16න් ඉහළ ජනගහනයෙන් ප්‍රතිශතයක් විදිහට 85% ක් වැනි ඉහළ මට්ටමක්. අවදානම් කාණ්ඩ හඳුනාගනිමින් , ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමත් මේ වනවිට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාල මට්ටමෙන් ආරම්භ වී තිබෙනවා. වයස අවුරුදු හැට සහ ඉන් ඉහළ පුද්ගලයින්ට මෙන්ම සියලුම සෞඛ්‍ය සේවකයින්ට දෙවන මාත්‍රාවෙන් මාස 3කට පසුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්හට දෙවන මාත්‍රාවෙන් මසකට පසුවත් මෙය ලබාගැනීමට හැකියාව තිබෙනවා. කුමන එන්නත් වර්ගයකින් පළමු සහ දෙවන මාත්‍රා ලබාගෙන තිබුණත් , ප්‍රතිශක්තිය තවත් ඉහළ දමන තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගැනීමට එය බාධාවක් වෙන්නෙ නෑ.සෞඛ්‍ය උපදෙස් උපරිමයෙන් අනුගමනය කරමින් වසංගතය පාලනයට මෙතෙක් නොමද සහයෝගයක් ලබා දුන් ජනතාව ඉදිරි කාලය තුළ ද එළඹි සිහියෙන් කටයුතු කිරීම තුළින් නව වෛරස ප්‍රභේද ව්‍යාප්තිය වළකා ගැනීමට ද සියලු සහයෝගය ලබා දෙනු ඇති බවට අපි විශ්වාස කරනවා.

-සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago