Sunday, April 19, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ යෙනුලි එක්සත් රාජධානියේ "MTM Young Achievers 2023" සම්මානයෙන් පිදුම් ලබයි.

ශ්‍රී ලංකාවේ යෙනුලි එක්සත් රාජධානියේ “MTM Young Achievers 2023” සම්මානයෙන් පිදුම් ලබයි.

එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් හි පැවති MTM සම්මාන ප්‍රදානෝත්සවයේදී, ලොව පුරා විවිධ රටවල්වල තරඟකරුවන් රාශියක් අතරින් “MTM Young Achievers award 2023” සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යෙනුලි බිනරා සිසුවිය සමත්ව තිබෙනවා.

දැනට එක්සත් රාජධානියේ අධ්‍යාපනය හදාරන 15 හැවිරිදි ඇය “MTM Young Achievers” සහ “MTM Music & Entertainment” යන සම්මාන දෙකිහිම තරගාවලියේ අවසන් වටයට පැමිණ තිබීම විශේෂත්වයක්. 

ලොව ලාබාලතම තරුණ තානාපතිනිය ලෙස ද ඇය මෙහිදී ගෞරවයට පාත්‍ර වූ බවයි වාර්තා වන්නේ.

මෙම ජයග්‍රාහණය සම්බන්ධයෙන් ඇය තැබූ සටහන පහතින්,

මෙවන් වටිනා, උත්කර්ෂවත් උත්සවයක් පවත්වමින් ලොව පුරා විවිධ අංශයන්හි විවිධ පුද්ගලයන් කළ මෙහෙවර ඇගයීම හා දිරිගැන්වීම ගැන MTM සම්මාන කමිටුවේ සහ විනිශ්චය මණ්ඩලයේ සියලු දෙනාටම මුලින්ම ස්තූති කිරීමට මම මේ මොහොතේ කැමැත්තෙමි. ඒ වගේම මම මේ වනවිට එක්සත් රාජධානියේ ජීවත්ව සිටියත්, මගේ මව් රට වන ශ්‍රී ලංකාවට මෙම කීර්තිය ගෙන ඒමට හැකිවීම ගැන මටත් විශාල සතුටක් දැනෙනවා.

HundrED පදනමේ , මගේ Green Heart Foundation සාමාජිකයින්ට , මගේ පාසලේ ආදරණීය විදුහල්පතිතුමා, ගුරුවරුන්, මිතුරු මිතුරියන් සහ මගේ ආදරණීය පවුලේ අය මෙන්ම ලොව පුරා මට ඡන්දය දුන්, ඔවුන්ගේ ආශිර්වාදය එවූ මට සහය දුන් සැමට. මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.

මගේ කුඩා කාලයේ සිටම, මට සෑම විටම අවශ්‍ය වූයේ ලෝකයේ යහපත් වෙනසක් ඇති කිරීමටයි. ඒ සඳහා මගේ උපරිමය කරමින්, සාමකාමී, තිරසාර ලෝකයක් ගොඩ නැගීමට මට කළ හැකි උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

MTM සම්මාන උළෙලේ නාමයෝජනා සහ සියලු සම්මානලාභීන්ට සුබපැතුම් පිරිනමමි, ඔබගේ සියලු ඉදිරි කටයුතු සඳහා මම ඔබට සුබ පතමි.

https://web.facebook.com/100040889868463/videos/1044722840105325/

file
file
file
READ:   දවසේ කාලගුණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්