දේශීය

හෙට උදේ පත්තර තිබේවිද? රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය බලයිද? ලෝක මාධ්‍යයේ සිදුවන නිහඬ විප්ලවය

මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය

වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍ය අද විශාල පරිවර්තනයකට මුහුණ දෙමින් සිටී.අපි කොයි තලයේ පුද්ගලයෙකු වුණත් ඒ වෙනස පිලිගත යුතු
තත්වයකට අද ලෝකය වෙනස් වෙමින් තියෙනවා. ඒක වෙන විදියකින් කිව්වොත්,අන්තර්ජාලය, ස්මාර්ට් ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය වේදිකා හේතුවෙන් ලෝකයේ මාධ්‍ය පරිභෝජන රටාව සම්පූර්ණයෙන් වෙනස් වී වෙලා.
අද පුවතක් දැන ගැනීමට ජනතාව උදෑසන පුවත්පතක් ලැබෙන තුරු හෝ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක් වන තුරු බලා සිටින්නේ නැත. තත්පර කිහිපයක් ඇතුළත ලෝකයේ ඕනෑම ස්ථානයක සිදුවීමක් ජංගම දුරකථනය හරහා ඔවුන්ට බලන්න පුලුවන්. මේක අපි ඩිජිටල් මාධ්‍යයේ බලය කියලා හදුන්වන්න පුලුවන්ද? මන් හිතන්නේ මේකත් ලෝක දේශපාලනය වගේ. අද තියෙන්නේ ඩිජිටල් දේශපාලන යුගයක ආරම්භයක්. මේ දේශපාලනය විසින් ඩිජිටල් මාධ්‍යය සාම්ප්‍රදායික මාධ්‍ය අවසන් කරමින් සිටිනවාද? එහෙනම් මේ වෙනසට සාම්ප්‍රදායික මාධ්‍ය ආයතන කෙසේ අනුගත වන්නේද?

ශ්‍රී ලංකාවේ වෙනස්වන මාධ්‍ය පරිසරය ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුරා ජනතාවගේ ප්‍රධාන පුවත් මූලාශ්‍ර වූයේ පුවත්පත් සහ රූපවාහිනී නාලිකා ටිකයි. නමුත් අද විශේෂයෙන් තරුණ පරපුර පුවත් ලබාගන්නේ YouTube.Facebook.Instagram.News websites සහා X වැනි ඩිජිටල් වේදිකා හරහායි.
ඩිජිටල් මාධ්‍යයේ විශේෂත්වය වන්නේ එය වේගවත් වීම පමණක් නොව, ලෝකයේ ඕනෑම ස්ථානයක සිටින ප්‍රේක්ෂකයෙකු වෙත ළඟා වීමේ හැකියාවයි.ඉතින් දැන් රූපවාහිනියට ඩිජිටල් මාධ්‍යය අභියෝගයක්ද?

ඩිජිටල් මාධ්‍යය රූපවාහිනියට අභියෝගයක් වී ඇත.විද්වතුන් දැන් දිනපතාව දොඩවන දෙයක්. ඇත්ත හැබැයි එය රූපවාහිනිය සම්පූර්ණයෙන් ප්‍රතිස්ථාපනය කිරීමක් නොවේ.අද ලෝකයේ ප්‍රධාන මාධ්‍ය ආයතන සියල්ලම පාහේ රූපවාහිනියට අමතරව ඩිජිටල් වේදිකා භාවිත කරනවා. BBC, CNN, Sky News සහ Al Jazeera වැනි ආයතන අද Websites.YouTube.Podcasts.Mobile Applications හරහාද තම ප්‍රේක්ෂකයන් වෙත ළඟා වෙනවා.අපිට දැන් හිතන්න පුලුවන් ,අනාගතයේ ජයගන්නේ රූපවාහිනිය හෝ ඩිජිටල් මාධ්‍යය පමණක් නොව,දෙකම ඒකාබද්ධ කළ Hybrid Media Model එකක් කියලා. ඒක මම පුද්ගලිකව විස්වාස කරන දෙයක්.

ඇත්තටම දැන් ලෝකයේ මාධ්‍ය ආදායම් ආකෘතිය වෙනස් වෙලාද? ඩිජිටල් පරිවර්තනයේ විශාලතම බලපෑම එල්ල වී ඇත්තේ මාධ්‍ය ආයතනවල ආදායම් ආකෘතියට.සාම්ප්‍රදායිකව පුවත්පත් සහ රූපවාහිනී ආයතන විශාල වශයෙන් රඳා පැවතුණේ වෙළඳ දැන්වීම් ආදායම මතයි.නමුත් අද එම ආදායමේ විශාල කොටසක් Google, Facebook වැනි ඩිජිටල් වේදිකා වෙත ගමන් කරමින් තිබෙනවා. විශාල වියදම් වෙනුවට පොඩි ගානකින් වැඩේ කරගන්න වෙළද දැන්වීම් ආයතනත් දැන් පටන් අරන්.

“සාම්ප්‍රදායික මාධ්‍යයේ ආදායම් ආකෘතියට විශාල අභියෝගයක්” – ආචාර්ය රංග කලන්සූරිය
මේ පිළිබඳව ජාත්‍යන්තර ජනමාධ්‍ය පර්යේෂකයකු සහ මාධ්‍ය උපදේශකයකු වන ආචාර්ය රංග කලන්සූරිය මහතා පවසන්නේ, ඩිජිටල් පරිවර්තනය හේතුවෙන් ලෝකයේම සාම්ප්‍රදායික මාධ්‍ය ආයතනවල ආදායම් ආකෘතිය විශාල වෙනසකට ලක්වෙමින් පවතින බවයි.“ඇත්ත වශයෙන්ම ඉදිරියේදී ලෝක මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදුවෙනවා. විශේෂයෙන් ආදායම් පැත්තෙන් සාම්ප්‍රදායික ජනමාධ්‍ය පැවැත්මට අභියෝගයක් ඇතිවෙලා තිබෙනවා.”
යැයි ඔහු පැවසීය.ආසියානු කලාපය පිළිබඳ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වෙළඳ දැන්වීම් වෙළෙඳපොළේ විශාල කොටසක් මේ වන විට සමාජ මාධ්‍ය වෙත යොමුවෙමින් පවතින බවයි.

“දළ වශයෙන් සියයට 40ක පමණ වෙළඳ දැන්වීම් වෙළෙඳපොළක් සමාජ මාධ්‍ය පැත්තට ගමන් කර තිබෙනවා. එමඟින් රටවල මාධ්‍ය ආයතනවලට ලැබිය යුතු ආදායමෙන් කොටසක් රටෙන් පිටත ඩිජිටල් වේදිකා වෙත ගලා යනවා.”යැයි ඔහු පෙන්වා දුන්නේය.තායිලන්තය, පිලිපීනය සහ මැලේසියාව වැනි රටවල පුවත්පත් කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත්, ඉන්දියාවේ තත්ත්වය වෙනස් වීමට එරට විශාල ජනගහනය සහ වෙළඳපොළ බලපා ඇති බවත් ඔහු සඳහන් කළේය.කෙසේ වෙතත්, බොහෝ මාධ්‍ය ආයතන මේ වන විට ඩිජිටල් මාධ්‍ය වෙත හැරෙමින් සිටින බවත්, අනාගත මාධ්‍ය ආකෘතිය වෙනස් වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

YouTube සහ Podcast – නව මාධ්‍ය අවකාශයක්ද?
අද YouTube යනු වීඩියෝ බෙදාගැනීමේ වේදිකාවක් පමණක් නොවේ.එය:පුවත්. වාර්තා වැඩසටහන්. සම්මුඛ සාකච්ඡා. විමර්ශනාත්මක වැඩසටහන්. Podcast සඳහා ප්‍රධාන මාධ්‍ය වේදිකාවක් බවට පත්ව ඇත.
විශේෂයෙන් තරුණ පරපුර සජීවී රූපවාහිනී විකාශනවලට වඩා තමන් කැමති වේලාවක අන්තර්ගතය නැරඹීමට වැඩි කැමැත්තක් දක්වයි. ලොව වඩාත් ජනප්‍රිය Podcast එකක් වන The Mel Robbins Podcast එක
මිලියන ගානක සබ්ක්‍රිය්බ්ලා ඉන්න යුටියුබ් නාලිකාවක්. අද රූපවාහිනී වැඩසටහන්වලට වඩා බෙල් රොබින්ස්ගේ වැඩසටහන් ජනප්‍රිය වෙලා තියෙනවා.

ඉතින් දැන් අනාගත මාධ්‍යය කුමක්ද? අනාගතයේ සාර්ථක මාධ්‍ය ආයතනයක් යනු පුවත්පතක් හෝ රූපවාහිනී නාලිකාවක් පමණක් නොවේ.එහෙම දේවල් දැන් වැහිලා යනවා. අපි හිතමු මෙහෙම
අනාගතයේ සාර්ථක මාධ්‍ය ආයතනයක් වෙන්න
Digital Newsroom + Professional Video Production + Social Media Distribution + Community Engagement යන සියල්ල එකට එකතු වූ මාධ්‍ය පද්ධතියක් .
ඩිජිටල් මාධ්‍යය සාම්ප්‍රදායික මාධ්‍ය විනාශ කිරීමට පැමිණි දෙයක් නොවේ. එය මාධ්‍යයේ ඊළඟ පරිණාමයයි.
අනාගතයේ ජයගන්නේ පැරණි හෝ අලුත් මාධ්‍යයක් නොව, විශ්වාසය, ගුණාත්මකභාවය සහ වෙනස් වන තාක්ෂණයට අනුගත වීමේ හැකියාව ඇති මාධ්‍ය ආයතනයයි.

මුලාශ්‍ර

  1. Reuters Institute for the Study of Journalism – Digital News Report 2025
    University of Oxford
  2. Reuters Institute – Journalism, Media and Technology Trends Reports
  3. Pew Research Center – News Platform Fact Sheet
  4. WAN-IFRA – World Press Trends Report
  5. UNESCO – Media and Information Literacy Reports
  6. The New York Times Company – Annual Reports (Digital Subscription Growth)

Recent Posts

“මාලදිවයිනේ බෞද්ධ සංහාරය” – ඉතිහාසයේ අමතක වූ පරිච්ඡේදයක්ද?

"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…

3 hours ago

සාරනාත් පුරාවිද්‍යාත්මක බෞද්ධ පූජනීය භූමිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට – ඉන්දියාවේ 45 වැනි ලෝක උරුම ස්ථානය ලෙස පිළිගැනේ

වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…

4 hours ago

Sarnath Becomes India’s 45th UNESCO World Heritage Site

Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…

4 hours ago

ගොවියාට අපහාස උපහාස කරන මේ රජය කවදහරි ගෙදර යවන්නේ මේ ගොවි ජනතාවම තමයි – විපක්ෂ නායක

අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…

17 hours ago

සුගතදාසේ පූල් එකට විද්‍යුත් කාල පද්ධතියක්!

පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…

17 hours ago

ඉන්දියාවේ අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි – Cockroach Movement විරෝධතාවලට ජය

ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…

1 day ago