පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය හැකි නම්‍යශීලී හා පාරිසරික වශයෙන් වගකීම් සහගත විදුලි පද්ධතියක් අවශ්‍ය බවත් තීරණාත්මක සංධිස්ථානයක සිටින මේ මොහොතේ ගන්නා තීරණ මඟින් ඉදිරි දශකයේ විදුලිය ඇතුළු බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම කර්මාන්ත ක්ෂේත්‍රයේ තරගකාරීත්වය පාරිසරික ඔරොත්තු දීමේ හැකියාව හා අඩු මුදලට ගෘහස්ත විදුලි සැපයුම හා විදුලි පාරිභෝගිකයන්ට සහනදායි මුදලකට විදුලි ලබා දිය යුතු බවත් ඒ සඳහා වන යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බලය සම්බන්ධයෙන් පැවැති අදහස් හා යෝජනා එකතු කිරීමේ හමුව අමතමිනි.
ශ්‍රී ලංකාව හුදෙක් පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තීයේ සිට පද්ධති ඒකාග්‍රතාව කරා යා යුතු බවත් දැනටමත් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය විය යුතුය යන ජාතික එකමුතුවක් පවතින බවත් අංශු මාත්‍රයක් හැරුණු විට බහුතරයක් පුනර්ජනනීය බලශක්තියට පක්ෂ බවත් ඒ නිසා ව්‍යුහ සම්පූර්ණ කිරිම තුළින් කතා ප්‍රකාශන හා සිහින මහපොළොවේ යථාර්ථයක් කළ යුතු බවත් 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය කරා යාමත් ගෘහ සහ ව්‍යාපාර සඳහා දැරිය හැකි මිලකට විදුලිය දීම, ආනයනික පොසිල ඉන්ධන මත යැපීම අවම වූ සුරක්ෂිත විදුලිය, කාබන් අඩු විදුලිය, ජල සම්පත හා ජෛව විවිධත්වය ආරක්ෂා කරන විදුලි ක්‍රමවේදය කරා යා යුතු බවත් මේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් විපක්ෂයේ පූර්ණ සහයෝගය හිමිවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
කතාව සේම ක්‍රියාවෙන්ද පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කළ යුතුයි
70% මේ ඉලක්කය කතාවට පමණක් සීමා නොවන යථාර්ථයක් බවට පත් කළ යුතු බවත් සපයන සූර්ය බලශක්තිය දිවා කාලයට සීමා වුවත් විදුලි ඉල්ලුම ඊට වඩා වැඩි බවත් උපරිම පුනර්ජනනීය ධාරිතාව ලබා ගැනීම සේම උපරිමයෙන් ප්‍රයෝජනවත් විදුලියක් ලබා ගත යුතු බවත් නූතන විදුලි බල සැපයුම මගින් සම්පත් ඇගයිය යුත්තේ සමස්ත පද්ධතියට සපයන සේවාව පදනම් කර ගෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තාප හා ඉන්ධන බලාගාර මාෆියාවට යට වෙන්න එපා
ශ්‍රී ලංකාව සතුව ලක්ෂ සංඛ්‍යාත වහලවල් ඇති නිසා භූමි පරිභෝජනය අවම කර මේවා භාවිත කර වහලමත ඇති සූර්ය පැනල සවිකිරීමට එහා ගොස් බැටරි ගබඩා ආදී නව තාක්ෂණ ක්‍රම එකිනෙක ඒකාබද්ධ කළ යුතු බවත් පාරිභෝගිකයා විදුලි උත්පාදකයකු හා ගබඩා සැපයුම්කරුවකු බවට පත් කළ යුතු බවත් අද පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන තාප බලාගාර ඉන්ධන බලාගාර මාෆියාවක් ඇති නිසා මේවාට යට නොවී පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කළ යුතු බවත් වරදාන වරප්‍රසාදවලට යටත් නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පාරිසරික බලපෑම් අවම විදුලි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ යුතුයි
දැනට පවතින ජල විදුලිය ප්‍රශස්ත කරණය කරන ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් නව ජල විදුලි ව්‍යාපෘති සිදු කළ යුත්තේ පවතින සම්පත් ප්‍රශස්ත කිරීමෙන් අවම පාරිසරික බලපෑම් සිදුවීමෙන් පමණක් බවත් මුල සිටම මේවා සැලසුම් විය යුතු බවත් පාරිසරික බලපෑම් පරීක්ෂා කිරීමට ජාතික පොම්ප කරන ලද ඇගයීමක් සහ සිතියමක් සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*
ජාතික බලශක්ති ආරක්ෂණ වැඩපිළිවෙළක් කරා යා යුතුයි
විද්‍යුත් වාහන ආරෝපණය වැනි විදුලි භාරයන් පුනර්ජනනීය බලශක්තිය වැඩි කාලයට මාරු කළ යුතු බවත් බලශක්ති කාර්යක්ෂමතාව මූලිකවම ස්ථර විය යුතු බවත් අතිරික්ත පුනර්ජනනීය විදුලිය භාවිතය අපතේ යැවීම අවම කර බැටරි ආරෝපණය සහ නම්‍යශීලී කර්මාන්ත වෙත යොමු කර ආර්ථික වටිනාකම උපරිම කළ යුතු බවත් කලාපීය සම්බන්ධතාව ප්‍රසම්පාදනය හා ආර්ථික ආරක්ෂාව අනුව ඉන්දියාව සමග විදුලි වෙළෙදාම රක්ෂිත බලශක්තිය ආදිය අතිරේක ස්ථරයක් ලෙස භාවිත කරනවා සේම ජාතික බලශක්ති ආරක්ෂණය සදහා ප්‍රමාණවත් ගබඩා කිරීම් හා ජනනය කිරීම සිදු කළ යුතු බවත් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම රටේ ජාතික අවශ්‍යතාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පස්වදෑරුම් ජාතික බලශක්ති සම්මුතිය ක්‍රියාත්මක කරන්න
පස්වදෑරුම් ජාතික බලශක්ති සම්මුති යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවත් ජල විදුලිය, බැටරි, පොම්ප කරන ලද ජල ගබඩා ආදිය එකට එකතු කරන විදුලි බල ජාලයක් ගොඩනගා බලශක්ති පද්ධතියක් ස්ථාපිත කළ යුතු බවත් පුනර්ජනනීය බලශක්තිය තවදුරටත් ශක්තිමත් කර ඉන්ධන බලශක්ති තාප බලශක්ති මාෆියාවලට යටත් නොවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. LO MEDIA
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…