දේශීය

කලකට පසු, ආණ්ඩුවේ ඇමතිවරයෙකුගෙන් වෙනස් උපදේශයක්.

ආදිවාසි නායක වන්නියලැත්තන්ට Zoom තාක්ෂණය ඔස්සේ   ජාතික පරිසර සභාවේ  රැස්වීම්වලට සම්බන්ධ  වීමට  පහසුකම් සලසන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී ඇත.  

මධ්‍යම පරිසර අධිකාරි කාර්යාලයේ දී පැවැත්වෙන පරිසර සභාවේ මාසික රැස්වීම් හා හදිසි සාකච්ඡා සඳහා ,මෙම වසංගත කාලය තුළ ,ආදිවාසී නායක වනස්පතී ඌරුවරිගේ වන්නියලැත්තන්ව දඹානේ සිට කොළඹට  නොගෙන්විය යුතු බවද ඇමැතිවරයා   මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාට දැනුම් දී තිබේ.

ඒ අනුව පරිසර සභාවේ සාකච්ඡා හා හදිසි රැස්වීම් සඳහා ZOOM තාක්ෂණය ඔස්සේ   සහභාගි වීමට මධ්‍යම පරිසර අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් ඊට අවශ්‍ය  සියලු පහසුකම් සැලසෙනු ඇත.

ප්‍රථම වතාවට ආදිවාසී නායකයකු පරිසර සභාවට සම්බන්ධ කරගනිමින්  ආදිවාසී නායක වනස්පතී ඌරුවරිගේ වන්නියලැත්තන්ව පරිසර සභාවේ සාමාජිකයකු  වශයෙන් පරිසර ඇමැතිවරයා විසින් පත් කරන ලදි. 

මින් පෙර පරිසර සභාවේ සැසිවාර 13ක් පවත්වා ඇතත් ඒ එකදු අවස්ථාවක දී හෝ පරිසරයට ආදරය කරන එමෙන්ම  පරිසරය පිළිබඳ ඉහළ දැනුමක් ඇති ආදිවාසී නායක වනස්පතී ඌරුවරිගේ වන්නියලැත්තන්ව පත් කිරීමට  පියවර ගෙන නොතිබිනි.

පරිසර සභාවේ 14 වැනි සැසිවාරයේ දී  වන්නියලැත්තන් විසින් සිදු කරන ලද අරුත්බර දේශනය , මෙතෙක් පරිසර සුරක්ෂිතභාවය උදෙසා කටයුතු  කළ යුතු ආකාරය පිළිබඳව තමන් සවන් දුන් හොඳම දේශනය ලෙස පරිසර ඇමැතිවරයා විසින් අගැයීමටද ලක් කර  තිබිණි.
උපුටා ගැනීම : සිළුමිණ පුවත්පතෙන්

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

14 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

14 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago