Friday, April 17, 2026
Homeදේශීයකලකට පසු, ආණ්ඩුවේ ඇමතිවරයෙකුගෙන් වෙනස් උපදේශයක්.

කලකට පසු, ආණ්ඩුවේ ඇමතිවරයෙකුගෙන් වෙනස් උපදේශයක්.

ආදිවාසි නායක වන්නියලැත්තන්ට Zoom තාක්ෂණය ඔස්සේ   ජාතික පරිසර සභාවේ  රැස්වීම්වලට සම්බන්ධ  වීමට  පහසුකම් සලසන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී ඇත.  

මධ්‍යම පරිසර අධිකාරි කාර්යාලයේ දී පැවැත්වෙන පරිසර සභාවේ මාසික රැස්වීම් හා හදිසි සාකච්ඡා සඳහා ,මෙම වසංගත කාලය තුළ ,ආදිවාසී නායක වනස්පතී ඌරුවරිගේ වන්නියලැත්තන්ව දඹානේ සිට කොළඹට  නොගෙන්විය යුතු බවද ඇමැතිවරයා   මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාට දැනුම් දී තිබේ.

ඒ අනුව පරිසර සභාවේ සාකච්ඡා හා හදිසි රැස්වීම් සඳහා ZOOM තාක්ෂණය ඔස්සේ   සහභාගි වීමට මධ්‍යම පරිසර අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් ඊට අවශ්‍ය  සියලු පහසුකම් සැලසෙනු ඇත.

ප්‍රථම වතාවට ආදිවාසී නායකයකු පරිසර සභාවට සම්බන්ධ කරගනිමින්  ආදිවාසී නායක වනස්පතී ඌරුවරිගේ වන්නියලැත්තන්ව පරිසර සභාවේ සාමාජිකයකු  වශයෙන් පරිසර ඇමැතිවරයා විසින් පත් කරන ලදි. 

මින් පෙර පරිසර සභාවේ සැසිවාර 13ක් පවත්වා ඇතත් ඒ එකදු අවස්ථාවක දී හෝ පරිසරයට ආදරය කරන එමෙන්ම  පරිසරය පිළිබඳ ඉහළ දැනුමක් ඇති ආදිවාසී නායක වනස්පතී ඌරුවරිගේ වන්නියලැත්තන්ව පත් කිරීමට  පියවර ගෙන නොතිබිනි.

පරිසර සභාවේ 14 වැනි සැසිවාරයේ දී  වන්නියලැත්තන් විසින් සිදු කරන ලද අරුත්බර දේශනය , මෙතෙක් පරිසර සුරක්ෂිතභාවය උදෙසා කටයුතු  කළ යුතු ආකාරය පිළිබඳව තමන් සවන් දුන් හොඳම දේශනය ලෙස පරිසර ඇමැතිවරයා විසින් අගැයීමටද ලක් කර  තිබිණි.
උපුටා ගැනීම : සිළුමිණ පුවත්පතෙන්

READ:   කොළඹ 7 ත්‍රී රෝද රථයක් තුළ උල් ආයුධයකින් පහරදී ඝාතනය කළ බව කියන පුද්ගල මළ සිරුරක් 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්