දේශීය

ලංකාවට පිස්සුද? වික්ටර් අයිවන්


මිනිසුන් හා සමහර සතුන් පිස්සු වැටෙන්නා සේ රටවල් ද පිස්සු වැටෙන අවස්තා තිබෙනවා විය යුතුය.ලංකාවද දැන් රටක් වශයෙන් තිබෙන බව පෙනෙන්නේ ප්‍රකුර්ති සිහිය අහිමි කරගත් පිස්සු වැටුන තත්වයකය.

මේ වන විට ලංකාව තිබෙන්නේ නූතන යගයට පිවිසීමෙන් පසු මුහුණ දෙන්න්ට සිදුවී තිබෙන දැවැන්තම හා සන්කීර්නම අර්බුදයට මුහුණ දී තිබෙන තත්වයක් ඉදිරියේය.එය විජේවීරගෙන් හා ප්‍රබාකරන් ගෙන් එල්ලවූ අබියෝග දෙකම එකට ගත්ත ද ඊටත් වඩා කිහිප ගුනයක් විශාල හා සන්කීරන අර්බුදයක් ලෙස සැලකිය හැකිය.

            බුද්දිමය අහේනිය

මෙම අර්බුදයේ සොබාවය හා තරම ඉතා සන්කීර්න හා විශාල වුවත් තාමත් එය තිබෙන්නේ කලමණාකරන කරගත හැකි තත්වයකය.එහෙත් දැනට දේවල් සිදු වෙමින් තිබෙන්නේ අර්බුදය සාර්තක ලෙස කලමණාකරනය කරගැනීමට හේතු වන අකාරයට නොව දැවැන්ත විනාශයකට රට තල්ලු කිරීමට හේතුවන ආකාරයකටය.

මෙම අර්බුදය ගැන තමන් ගේ අර්ත කතනයක් ආණ්ඩුවට නැත.එවැන්නක් විරුද්ද පක්ෂයටද නැත.අර්බුදය කලමණාකරනය කිරීම තමන්ගේ තනි මනාපයට සිදුකල හැකි දෙයක් ලෙස සලකා ආණ්ඩුව හිතුවක්කාරි පිලිවෙතක පිහිටා ක්‍රියා කරමින් සිටින බව පෙනේ.තමන්ට බලය ලැබෙතොත් අර්බුදය ඉබේ විසදෙනු ඇතැයි විරුද්ද පක්ෂවලද විස්වාසය වී තිබෙන බව පෙනේ.මෙම අර්බුදය කෙරෙහි බලපා තිබෙන හේතු හා අර්බුදය විසදා ගත යුතුව තිබෙන ආකාරය විග්‍රහ කරන සංකල්ප පත්‍රිකාවක් තරමේ දෙයක් වත් තවමත් පල නොවීමෙන් ලංකාවේ දේසපාලන හා ශාස්ත්‍රාලිය ලෝකය තිබෙන්නේ කොතරම් කොතරම් පසුගාමි තැනකද යන්න තේරුම් ගත හැකිය.

                අර්බුදයේ සොබාවය

රටේ ණය අර්බුදය තිබෙන්නේ නරකම තත්වයක වුවද ලංකාවේ අර්බුදය එම ණය අර්බුදයට සීමාවූ දෙයක් ලෙස සැලකිය නොහැකිය.ආර්තිකයේ ඇතිවී තිබෙන මහා බිදවැටීම එම අර්බුදයේ තවත් ලක්ෂනයක් වන අතර දේසපාලන ක්‍රමයේ හා සමාජ ක්‍රමයේ ඇතිවී තිබෙන ගරාහැලීම ආශ්‍රයෙන් ඒ ක්‍රම දෙකේ ඇතිවී තිබෙන මහා බිද වැටීමද ලංකාවේ අර්බුදයට ආවේනික ප්‍රදාන ලක්ෂන දෙකක් ලෙස සැලකිය හැකිය.මේ එකිනෙක අර්බුද අතර අන්තර් සම්බන්දයක් තිබෙන අතර එවා එකිනෙක අර්බුද කෙරෙහි බලපායි.

මෙම අර්බුද අතරින් වරග, කුල හා ආගම් අරබුදය ප්‍රදානය.ඒනිසා ඇතිවූ ප්‍රචන්ඩ ගැටුම් වලින් ලොකු ජීවිත විනාශයක් හා දේපල විනාශයක් සිදුවූවා පමනක් නොව. එහිදී කැරලිකරුවන්ට හා ආරක්ෂක හමුදාවන්ට සමාජය මත මුදා හරින්නට සිදුවූ කෲරත්වයෙන් සමාජ මනස රෝගි කිරීමටත් විකුර්ති කිරීමටත් හේතු විය. දැන් ලංකාවට ඇත්තේ සමගියක් හෝ ඒකාග්‍රතාවක් නැති කැබලිවූ සමාජ ක්‍රමයකි.

දේසපාලන ක්‍රමයේ අතිවී තිබෙන පරිහානිය හා ගරා හැලීම කෙරෙහි ආණ්ඩු ක්‍රමය හොදින් නඩත්තු නොකිරීම නීතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියා කාරකම්, වැරදි සිදුවූ විට ඒවා නිවරදි කිරීමෙන් වැලකී සිටීම වැනි හේතු බලපා තිබේ.ආර්තිකයේ ඇතිවී තිබෙන බිද වැටීම හා ණය අර්බුදය උග්‍රවීම කෙරෙහි දේශපාලන ක්‍රමය තුල ක්‍රියාත්මක වන පොදු වස්තු කොල්ල ක්‍රමය ඒ ආශ්‍රයෙන් ඇතිවී තිබෙන ඉහවහා ගිය දූෂනය හා කලමණාකරනයේ බිද වැටීම බලපා තිබේ.

             අර්නුදය ජය ගැනීම

මෙම අරබුදය කෙරෙහි බලපා තිබෙන හේතු නිවරදි ලෙස තේරුම් ගෙන ඒවාට විදිමත්ව්ලෙස ප්‍රතිසන්ස්කරන වැඩ සටහනක් මගින් මෙමෙ අර්බුදය ජය ගත යුතුය.

1.ප්‍රමාද කිරීමකින් තොරව ලාංකේය ජාතිය ගොඩ නැගීම සදහා අවශ්‍යය සියලු ක්‍රියා මාරග ගැනීම

11 නීතිය මත ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කිරීමට හේතුවන ලෙස ආණ්ඩු ක්‍රමයේ ප්‍රතිසන්ස්කරන ඇති කර ගැනීම
01.රාජ්‍යය නායකයා නීතියට යටත් තත්වයකට ගෙනා යුතුය.ඒ සදහා රාජ්‍යය නායකයා නීතියට පටහැනිව කරන ඕනෑම ක්‍රියාවක් අවලංගු කිරීමේ බලය අධිකරණය ට දිය යුතුය.
02.අධිකරණයේ ඇතිවී තිබෙන පරිහානිය ගැන කරුනු සොයා බලන අතර ස්වාදීනව , නීතියට අනුකූලව,සාදාරනව හා කාරයක්ෂමව ක්‍රියා කරන අධිකරණ විමර්ශන බලයද සහිත බලවත් අධිකරණ ක්‍රමයක් ඇති කිරීමට අවශ්‍ය ප්‍රතිස්ංස්කරන ඇති කිරීම.
03.ජනමාද්‍ය, ජනමාද්‍ය ආයතන හා ජනමාද්‍ය වේදින් සමාජ වගකීමෙන් ක්‍රියා කරන තැනකට ගැනීමට අවශ්‍ය ප්‍රතිසන්ස්කරන ඇති කිරීම.
04.පක්ෂ අරමුදල්, මැතිවරන අරමුදල් හා මැතිවරන වියදම් පාලනයට අවශ්‍ය ප්‍රතිසන්ස්කරන ඇති කිරීම
05.පක්ෂවල අබ්‍යන්තර ප්‍රජාතන්ත්‍ර වාදය සහතික කිරීමට හේතුවන ප්‍රතිසන්ස්කරන ඇති කිරීම
06.දේසපාලකයින් නඩත්තු කිරීම සදහා කරන වියදම් ගැන සොයා බලා අනවශ්‍ය වියදම් කපා හැර ඒ සදහා කරන වියදම් පිලිගත හැකි සාදාරන තත්වයකට ගැනීමට අවශ්‍ය ප්‍රතිසන්ස්කරන ඇති කිරීම
07.රාජ්‍යය නායකයාට හෝ මහජන නියෝජිතයින්ට පොදු දේපලවලින් හෝ රජය සමග වියාපාර කිරීම මගින් හෝ අයතා ලෙස ධනය උපයා ගැනීමට තිබෙන හැකියාව මුලු මනින් අහෝසි කිරීමට හේතු වන ප්‍රතිසන්ස්කරන ඇති කිරීම
08.ලංකාවට සදුසු ආණ්ඩු ක්‍රමයක් තෝරා ගැනීමේදී තෝරා ගන්නා අකෘතිය කුමක් වුවත් මහජනයාට තිබෙන පරමාදිපත්‍ය බලය අබ්‍යාස කිරීමේ අයිතිය මැතිවරන වලදී ජන්දය පාවිච්ච් කිරීමේ අයිතියට සීමා නොකොට රටේ හා මහජනයාගේ ආරක්ෂාව සදහා මහජන මැදිහත් වීම් අත්‍යාවශ්‍ය අවස්තා වලදී ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ක්‍රියාකාරි ලෙස මැදිහත් වීමට මහජනයාට අවස්තාව ලබාදෙන විවස්තානු කූල ක්‍රමයක් ( ස්විට්සර්ලන්තය හෝ වෙනත් සමහර රටවල ක්‍රියාත්මක වන ” ජන්ප්‍රිය පාරම්බනය” හා ” විකල්ප ජනමත විචාරනය” වැනි ක්‍රම සැලකිල්ට ගෙන ලංකාවට සුදුසු ක්‍රමයක් ඇති කර ගත යුතුය.ඒමගින්
( අ) විවස්තා දායකය විසින් යෝජනා කර තිබෙන හෝ ක්‍රියාත්මක වෙමින් තිබෙන ක්‍රියා මාරගයක යෝග්‍යතාව ප්‍රස්න කරන හෝ( ආ) ආණ්ඩු වේ උසස් නිල තනතුරක් දරන පුද්ගලයෙකු දෝෂ දර්ශනයට ලක්කරන යෝජනාවක් නියම කල අත්සන් සන්කියාව ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අයිතිය මහජනයාට ලබා දිය හැකිය. එවිට එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවේ නියාය පත්ත්‍රයට ඇතුලත් කොට විවාදයට ලක්කිරීමෙන් පසු ජන්ද විමසීමකට ද ලක් විය යුතුය.
09.විවස්තාවේ එන ප්‍රජාතන්ත්‍රවාදී මූල දර්ම ඉවත් කිරීමට හෝ දුරවල කිරීමට හේතුවන විවස්තා සන්සෝදන වලට ඉඩ නොලැබෙන විදි විදාන විවස්තා වට ඇතුලත් කල යුතු ය.
10.ලංකා පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන පරිහානිය අනුවත් අපි ජීවත් වන 21 වන සියවසේ විවස්තා සම්පාදන මාදිලිය පාරිලිමේන්තුව ට පමනක් සීමාකාල විවස්තා සම්පාදන මාදිලියක් නොවන නිසා ත් ඉහත වෙනස් කම් සදහා විවස්තා සම්පාදනය සිදුවිය යුත්තේ මහජන සහබාගි විවස්තා සම්පාදන ක්‍රමයටය.

            ණය උගුලෙන් ගැලවීම

2021 ජූනි මාසය වන විට ලංකාවේ විදේශ ණය ගැතියාව ඩොලර බිලියන 50.8 කි.2025 තෙක් විදේශ ණය වාරික හා පොලිය සදහා පමනක් වාර්ෂිකව වෙන් කල යුතු මුදල ඩොලර් බිලියන 06 කි. දැන් ලංකාව ඉන්නේ අඩු පොලියටා ණාය ලබා ගත නොහැකි තත්වයකය.ඒ නිසා ලංකාව මෙම ණය අර්බුදය ජය ගතයුතුව තිබෙන්නේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගිනි.

ලාංකාව එම අරමුදලේ සාමාජිකයෙකි.එම අරමුදලේ අරමුන වන්නේම ගෙවුම් ශේෂ ප්‍රස්නවලට මුහුන දෙන සාමාජික රට වලට අවශ්‍ය ණය පහසු කම් ලබා දීමය.අඩුම පොලියකට(0.050 කට) මෙම අර්බුදය ජයගැනීමට අවශ්‍ය ණය පහසු කම් ලබා ගත් හැක්කේ එම මාර්ගයෙන් පමනය.මීට පෙර ජේවීපී දෙවැනි කැරැල්ල අවසානයේදී(1989දී) හා අබ්‍යන්තර ‍යුද්දය අවසානයේදී(2009 දී) ද ලංකාව ගෙවුම් ශේෂ අර්බුදවලට මුහුණදී තිබුන අතර ඒ අවස්තා දෙකේදීම එම තත්වය ජය ගැනීම සදහා ණය පහසුකම් ලබා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසිනි.එම අරමුදල කොන්දේසි නැතිව පහසුකම් සලසන්නේ නැත.එහෙත් ලංකාව ඇද වැටී තිබෙන අසමත් තත්වයෙන් ගොඩ ඒමට අවශ්‍ය වැඩ පිලිවෙලක් සමග එම පහසු කම ඉල්ලා සිටින්නේ නම් එම පහසු කම ලබා නොදී සිටීමේ හැකියාවක් එයට නැත.ලංකාව මානව හිමිකම් කවුන්සිලය ඇතුලු ජාත්‍යන්තරය සමග ඇති කරගෙන තිබෙන මෝඩ කම හා උද්දච්ච කම නිසා ඇති කරගත් අවුල් ලෙස සැලකිය හැකිය.ඒ මගින් රටට සිදුවී තිබෙන හානිය දැවැන්තය.දැන්වත් ආණ්ඩුවේ නායකයින් විපක්ෂයේද සහාය ලබා ගනිමින් රට දැවැන්‍ත විනාශයකට තල්ලුවී යාම වලකා ගත යුතුය.

                              වික්ටර් අයිවන්

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

1 day ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

1 day ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago