Friday, April 17, 2026
Homeදේශීයඅවුරුදු කටේ රාජ්‍ය සේවකයින්ට සුබ පුවතක්

අවුරුදු කටේ රාජ්‍ය සේවකයින්ට සුබ පුවතක්

2024 අය-වැයෙන් රාජ්‍ය සේව­ක­යන්ට වැඩි­කළ රුපි­යල් 10,000ක දීම­නා­වෙන් ඉතිරි රුපි­යල් පන්ද­හස අප්‍රේල් මාසයේ වැටුප සමඟ ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය ප්‍රකාශ කළා.

සියලු රාජ්‍ය සේව­ක­යන්ට මාර්තු මාසයේ වැටුප ගෙවී­මෙන් අන­තු­රුව අප්‍රේල් මාසයේ වැටු­ප ද එම මාසයේ 10 වැනි දිනට පෙර ගෙවී­මට සූදා­නම් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම අඩු ආදා­යම්ලාභී පවුල් ලක්ෂ 28කට නොමිලේ සහල් කිලෝ 10 බැගින් ලබා දීමට කට­යුතු කරන බවත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියා.

READ:   අයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්