ඇමරිකා එක්සත් ජනපදය,ජර්මනිය, චීනය, රුසියාව හා යුරෝපා සංගමයේ තානාපතිවරු සහ බ්‍රිතාන්‍ය හා ඉන්දියාවේ මහකොමසාරිස්වරු ඊයේ (14) මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා එම අමාත්‍යාංශයේදී හමු වූහ.
හරිත ආර්ථිකයක් බිහි කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් තානාපති සහ කොමසාරිස්වරුන් මුදල් ඇමතිවරයා සමග සාකච්ඡා පැවැත්වූ බව එම අමාත්‍යාංස්ය පවසයි.
ද්විපාර්ශවීය වෙළෙඳාම වඩා සහයෝගයෙන් ඉදිරියට රැගෙන යාම සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී කැමැත්ත පළ කර ඇති අතර ශ්‍රී ලංකාව සඳහා ඉදිරියටත් එන්නත් පහසුකම් සපයන බව චීන තානාපතිවරයා මුදල් ඇමතිවරයාට දන්වා ඇත.
පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය පිළිබඳවද අදාළ සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇති බවත් හම්බන්තොට කර්මාන්ත කලාපයට ඉහළපෙළේ ආයෝජකයින් සම්බන්ධ කිරීමට සූදානම් බව චීන තානාපතිවරයා ප්‍රකාශ කර ඇති බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…