දේශීය

මුදල් ඇමති – තානාපති, කොමසාරිස් හමුවක

ඇමරිකා එක්සත් ජනපදය,ජර්මනිය, චීනය, රුසියාව හා යුරෝපා සංගමයේ තානාපතිවරු සහ බ්‍රිතාන්‍ය හා ඉන්දියාවේ මහකොමසාරිස්වරු ඊයේ (14) මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා එම අමාත්‍යාංශයේදී හමු වූහ.
හරිත ආර්ථිකයක් බිහි කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් තානාපති සහ කොමසාරිස්වරුන් මුදල් ඇමතිවරයා සමග සාකච්ඡා පැවැත්වූ බව එම අමාත්‍යාංස්ය පවසයි.
ද්විපාර්ශවීය වෙළෙඳාම වඩා සහයෝගයෙන් ඉදිරියට රැගෙන යාම සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී කැමැත්ත පළ කර ඇති අතර ශ්‍රී ලංකාව සඳහා ඉදිරියටත් එන්නත් පහසුකම් සපයන බව චීන තානාපතිවරයා මුදල් ඇමතිවරයාට දන්වා ඇත.
පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය පිළිබඳවද අදාළ සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇති බවත් හම්බන්තොට කර්මාන්ත කලාපයට ඉහළපෙළේ ආයෝජකයින් සම්බන්ධ කිරීමට සූදානම් බව චීන තානාපතිවරයා ප්‍රකාශ කර ඇති බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Recent Posts

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

12 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

12 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

12 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

4 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago