ඇමරිකා එක්සත් ජනපදය,ජර්මනිය, චීනය, රුසියාව හා යුරෝපා සංගමයේ තානාපතිවරු සහ බ්‍රිතාන්‍ය හා ඉන්දියාවේ මහකොමසාරිස්වරු ඊයේ (14) මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා එම අමාත්‍යාංශයේදී හමු වූහ.
හරිත ආර්ථිකයක් බිහි කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් තානාපති සහ කොමසාරිස්වරුන් මුදල් ඇමතිවරයා සමග සාකච්ඡා පැවැත්වූ බව එම අමාත්‍යාංස්ය පවසයි.
ද්විපාර්ශවීය වෙළෙඳාම වඩා සහයෝගයෙන් ඉදිරියට රැගෙන යාම සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී කැමැත්ත පළ කර ඇති අතර ශ්‍රී ලංකාව සඳහා ඉදිරියටත් එන්නත් පහසුකම් සපයන බව චීන තානාපතිවරයා මුදල් ඇමතිවරයාට දන්වා ඇත.
පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය පිළිබඳවද අදාළ සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇති බවත් හම්බන්තොට කර්මාන්ත කලාපයට ඉහළපෙළේ ආයෝජකයින් සම්බන්ධ කිරීමට සූදානම් බව චීන තානාපතිවරයා ප්‍රකාශ කර ඇති බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
මුදල් ඇමති – තානාපති, කොමසාරිස් හමුවක
නවතම වීඩියෝ
-
ඩ්රෝනකරුවන් ඔෆිස් එක ළඟටම ඇවිත් ගේම ඉල්ලයි!ඒ ඒ.. ඔය එබිල බලන අය ඇවිත් අපිට කතා කරන්න..!
-
🚨IMF 6 වන සහ 7වන වාරිකය ඩො.මි. 695ක් මහා භාණ්ඩාගාරයට ලැබුණා !!
-
මාධ්‍යවේදියාගෙන් තාම තහනම් නැති කෑමකට බඩු බනිස් වන ප්‍රශ්න පෙළක්.
-
ඝෝඨාභයට නීතිය ක්‍රියාත්මක වීම සුභදායී දෙයක් !! විපක්ෂෙ අය අනුර එළවන්න ගහන ගේම චේනක කුඩුපට්ටම් කරයි


