Thursday, July 16, 2026
Homeදේශීයඅධිකරණයේ ස්වාධීනත්වය රකිනවා

අධිකරණයේ ස්වාධීනත්වය රකිනවා

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ කටයුතුවලදී තෝරා ගත් අධිකරණ 42ක් සම්පූර්ණ ඩිජිටල්කරණය කිරීමට කටයුතු යොදා ඇති බව අධිකරණ ඇමති අලි සබ්රි මහතා ඊයේ (06) අධිකරණ අමාත්‍යාංශයට අදාළ පනත් කෙටුම්පත් කිහිපයක් පිළිබඳව පැවති පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් පැවැසීය.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් අධිකරණ ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා වන සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් 2023 වර්ෂය වන විට නව උසාවි 50ක් ස්ථාපනය කරන බව එහිදී පැවසූ ඇමතිවරයා නඩු ඉක්මනින් අසා අවසන් කිරීමට අධිකරණ ක්ෂේත්‍රයට ලබා දිය යුතු උපරිම යටිතල පහසුකම් ලබා දෙන බවත් මේ වන විට අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අක්කර 6ක භූමි ප්‍රමාණයක නව අධිකරණ සංකීර්ණයක් ඉදිවෙමින් පවතින බවත් ඇමතිවර්යා එහිදී පැවසීය.

READ:   යුරෝපා සංගමයේ තානාපතිවරුන් පිරිසක් ජනපති හමුවෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්