වත්මන් පාලනය කොළඹ ආර්කේඩ් පරිශ්‍රය තම හිතවත් ව්‍යාපාරිකයෙකුට හොර රහසේ ලබා දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
රාජ්‍ය දේපළ කිසිම ආකාරයකින් දේශීය හෝ විදේශීය කිසිවෙකුට විකුණන්නේ නොමැති බවට දිවුරමින් බලයට පැමිණි වත්මන් නායකයින්ට ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් හා ටෙන්ඩර් කැඳවීමකින් තොරව කිසිදු පුද්ගලයෙකුට මෙලෙස රාජ්‍ය දේපළ පැවරිය නොහැකි බව පෙන්වා දෙන ඇමතිවරයා ඉදිරියේදී නිදහස් චතුරස්‍රයද තම ගජමිතුරෙකුට විකුණා දැමීමට වත්මන් නායකයින් ක්‍රියාකරනු ඇති බව පෙන්වා දුන්නේ ඊයේ (25) සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.
“මේ ආණ්ඩුව බලයට පත්වුණේ කොහොමද? රාජ්‍ය දේපොළ කිසිම ආකාරයකින් දේශීය හෝ විදේශීය කිසිවෙකුට විකුණන්නෙ නෑ කියල පපුවට අත ගහගෙන පොරොන්දු දීල තමයි ආවෙ. ආර්කේඩ් ස්ථානය ඉස්සර මානසික ආරෝග්‍ය ශාලාවක්. ඊට පස්සෙ ඒක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පාවිච්චි කළා. පොලීසිය පාවිච්චි කළා. ඊට පස්සෙ ඒක වාණිජ මධ්‍යස්ථානයක් හැටියට දියුණු කළා. ඒ සඳහා මගේ මතකයේ හැටියට රුපියල් මිලියන 650කට අධික ප්‍රමාණයක් වියදම් කළා ආණ්ඩුව. ඒ වගේම 1987-89 කාලේ වධකාගාරයක් ලෙස පවත්වාගෙන ගිය රේස් කෝස් එක ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 500 කට අධිකව වියදම් කළා. අද ලොකුවට කතා පැවැත්තුවට, මේක විවෘත කරන දවසේ පවත්වපු උත්සවයට චිර ප්‍රසිද්ධ සංගීත ප්‍රධානීන් දෙදෙනෙකුට විතරක් කෝටි 05ක් ගෙවල තියෙනවා. නමුත් එහි කිසිම ආකාරයකට වාණිජ ස්ථානයක් පවත්වාගෙන යාමේ හැකියාවක් තිබුණෙ නෑ.” යයි ඇමතිවරයා එහිදී පැවසීය.
ආර්කේඩ් පරිශ්‍රයත් ගජමිතුරෙකුට
නවතම වීඩියෝ
-
🔴විමල්ලා කැපූ වලවල්වල විමල්ලාම වැටේ!!විමල් නිසා ශෂි විරවංශට වෙච්ච දේ ගැන භාරත තෙන්නකෝන් කටඅරී.
-
දැවැන්ත ආහාර අර්බුදයක්!!තෙල්මිළ අහස උසට.රාජීත වෙන්න යනදේ කල්තියාම කියයි.
-
පාසල් හැර යෑම සම්බන්ධයෙන් අගමැතිවරිය කළ ප්‍රකාශයට ලංකා ගුරු සංගමයෙන් සැර පිළිතුරක්!
-
සලේ වෙනුවෙන් නෙවෙයි විමල්ලා සත්‍යග්‍රහය කලේ??අධිකරණයෙන් බලාපොරාත්තුවුනේ මේ තීන්දුව නෙවෙයි චේනක කියයි


