ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සඳහා ලබන ජූලි 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය මත මෙසේ එම කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිතය.
රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමති චමල් රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අනුර ප්‍රියදර්ශන යාපා, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ටිරාන් අලස් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම කරක සභා හමුවට කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාද සහභාගි වී ඇත.
උසස් පෙළ සමත් සෑම දරුවෙකුටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කරනු පිණිස මෙම 2009 වසරේදී ආරම්භ කළ මෙම විශ්ව විද්‍යාලය ඉදිරියේදී කටයුතු කිරීම සඳහා ඉතා ඉහළ ගුණාත්මකබවකින් යුතුව මේ පාඨමාලා සියල්ල සංවිධානය වන බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කාරක සභාවේදී පවසා තිබේ.
කෙටුම්පත 2018 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද විවිධ හේතු මත එය කළ නොහැකි වූ බවද ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පවසා තිබේ.
කොතලාවල පනත් කෙටුම්පත දෙවන වර කියවීමට අනුමැතිය
නවතම වීඩියෝ
-
ශාසනයේ අඳුරු යුගයක් ගැන අද වගේ දවසක රටම කල්පනාවෙන් අහන්න ඕන කතාව
-
කිරිබත්ගොඩ තිලකවර්ධනේ දූන්තෙල් බත් දන්සල විවෘත කරන්න ආව සරත් ෆොන්සේකා.
-
"ආදරණීය ජෝර්ජිවා..අනුර කුමාර,නන්දලාල් වෙත"කියල ආව ලිවුමේ තිබ්බදේ හර්ෂ හෙළිකරයි.වෙන්න යනදේ හර්ෂ කියයි
-
වෙසක් පොහොය නිමිති කරගෙන ශ්‍රීලනිප කාන්තා පෙරමුණ සංවිධානය කළ දහවල් දානමය පිංකම.


