දේශීය

උල්කාපාත වර්ෂාව අදත්

මෙම වසරේ තිබූ උල්කාපාත වර්ෂා අතරින් ප්‍රබලතම උල්කාපාත වර්ෂාව වන ‘ජෙමිනොයිඩ්’ උල්කාපාත වර්ෂාව දැකගැනීමේ අවස්ථාව අද (14) අලුයම කාලය වන තුරු අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට උදා විණි.

මෙම උල්කාපාත වර්ෂාවෙන් පැයකට උල්කාපාත 60ක් 120ත් අතර ප්‍රමාණයක් දර්ශනය වේ යැයි අපේක්ෂා කෙරේ. මෙම උල්කාපත වර්ෂාව ‘3200 පේකන්’ නම් ග්‍රහකය සූර්යයාට ආසන්න වීම නිසා හට ගන්නා අතර මෙම උල්කාපත වර්ෂාව සෑම වසරකම දෙසැම්බර් මස 13, 14 යන දිනවල දර්ශනය වේ. මෙම උල්කාපාත වර්ෂාව ‘ජෙමිනි’ හෙවත් මිථුන තාරකා රාශියෙන් නිකුත් වන්නා සේ පෙනෙන නිසා ‘ජෙමිනොයිඩ්’ ලෙස නම් කෙරෙන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යාඥ ජනක අඩස්සූරිය මහතා ප්‍රකාශ

කළේ ය.මෙම උල්කාපාත වර්ෂා බැලීමට දුරේක්ෂයක් අවශ්‍ය නොවන අතර පියවි ඇසින් බැලිය හැකි බව ඒ මහතා පැවැසුවේ ය. මෙම උල්කාපාත වර්ෂාව වඩාත්ම පැහැදිලිව, වැඩි උල්කාපාත ප්‍රමාණයකින් දැක ගැනීමට රාත්‍රී 12ත් පාන්දර 4ත් අතර කාලය තුළ නැරඹිය යුතු බවත් පෙන්වා දුන්නේ ය.

චන්දිමා කරුණාරත්න – දිනමිණ

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

7 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

7 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago