Monday, September 14, 2026
Homeදේශීයආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවේ සංචාරය අවලංගු කරද්දී ඉන්දීය යුද නෞකාවක් දිවයිනට

ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවේ සංචාරය අවලංගු කරද්දී ඉන්දීය යුද නෞකාවක් දිවයිනට

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරය අවලංගු කර තිබෙනවා.

නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද මෙරටට නොපැමිණෙන බවත් හැකි ඉක්මනින් අදාළ සංචාරක සිදුකිරීමට අපේක්ෂා කරන බවත් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබුණා.

මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් INS දිල්ලි යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට ලඟාවුණා.

මීටර් 166.2 දිගුන් යුත් නෞකාවේ නැව් මුළුව 450ක ගෙන් සමන්විතයි.

නෞකාව 03 වනදා දක්වා මෙරට රැදී සිටීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   ජයන්ත ධනපාල මහතා අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්