Tuesday, April 21, 2026
Homeදේශීයසඳ ගමනෙන් නොනැවතුන ඉන්දියාව අද හිරු ගවේෂණයට පිටත්ව යයි

සඳ ගමනෙන් නොනැවතුන ඉන්දියාව අද හිරු ගවේෂණයට පිටත්ව යයි

ඉන්දියාව අද (02) සූර්ය ගවේෂණය සඳහා සැරසෙනවා.

ඒ චන්ද්‍රයාන් -3 මෙහෙයුම් යානය සඳ මත ගොඩබස්වා සති කිහිපයක් ගතවෙද්දී.

ඉන්දියාවේ පළමු සූර්ය ගවේෂණ යානය එරට වේලාවෙන් අද පෙරවරු 11.50ට අභ්‍යවකාශ ගත කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

file

දකුණු ඉන්දියාවේ, ආන්ද්‍ර ප්‍රාන්තයේ පිහිටි ශ්‍රී හරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී යානය ගුවන් ගත කිරීමට නියමිතයි.

සූර්යාගේ ක්‍රියාකාරීත්වය සහ පෘථිවියට බලපෑම් කළ හැකි සූර්ය සුළං පිළිබඳව අධ්‍යයනය කිරීම මෙම ගවේෂණයේ අපේක්ෂාව බව පරේෂකයින් පවසනවා.

Aditya L 1 (ආදිත්‍ය) ලෙස මෙම සූර්ය ගවේෂණ යානය නම් කර තිබෙනවා. හින්දි භාෂාවෙන් (ආදිත්‍ය) යනු සූර්යාට කියන නමක් බව සඳහන්.

යානය පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5ක දුරකින් ස්ථානගත කර සිය සූර්‍ය මෙහෙයුම සිදුකිරීමට නියමිතයි.

එම ස්ථානයට ගමන් කිරීමට ගවේෂණ යානය සූර්යාට ලඟා වීමට මාස 4ක කාලයක් ගත වන බව වාර්තා වෙනවා.

මෙම ගවේෂණයත් සමඟ සූර්යා පිළ්බඳව ලොව ගවේෂණයේ යෙදෙන රටවල් කිහිපය අතරට ඉන්දියාව ද එක්වෙනවා.

READ:   බලපිටිය අධිකරණය අසල වෙඩි තැබීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්