Saturday, April 18, 2026
Homeදේශීයඋල්කාපාත වර්ෂාව අදත්

උල්කාපාත වර්ෂාව අදත්

මෙම වසරේ තිබූ උල්කාපාත වර්ෂා අතරින් ප්‍රබලතම උල්කාපාත වර්ෂාව වන ‘ජෙමිනොයිඩ්’ උල්කාපාත වර්ෂාව දැකගැනීමේ අවස්ථාව අද (14) අලුයම කාලය වන තුරු අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට උදා විණි.

මෙම උල්කාපාත වර්ෂාවෙන් පැයකට උල්කාපාත 60ක් 120ත් අතර ප්‍රමාණයක් දර්ශනය වේ යැයි අපේක්ෂා කෙරේ. මෙම උල්කාපත වර්ෂාව ‘3200 පේකන්’ නම් ග්‍රහකය සූර්යයාට ආසන්න වීම නිසා හට ගන්නා අතර මෙම උල්කාපත වර්ෂාව සෑම වසරකම දෙසැම්බර් මස 13, 14 යන දිනවල දර්ශනය වේ. මෙම උල්කාපාත වර්ෂාව ‘ජෙමිනි’ හෙවත් මිථුන තාරකා රාශියෙන් නිකුත් වන්නා සේ පෙනෙන නිසා ‘ජෙමිනොයිඩ්’ ලෙස නම් කෙරෙන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යාඥ ජනක අඩස්සූරිය මහතා ප්‍රකාශ

කළේ ය.මෙම උල්කාපාත වර්ෂා බැලීමට දුරේක්ෂයක් අවශ්‍ය නොවන අතර පියවි ඇසින් බැලිය හැකි බව ඒ මහතා පැවැසුවේ ය. මෙම උල්කාපාත වර්ෂාව වඩාත්ම පැහැදිලිව, වැඩි උල්කාපාත ප්‍රමාණයකින් දැක ගැනීමට රාත්‍රී 12ත් පාන්දර 4ත් අතර කාලය තුළ නැරඹිය යුතු බවත් පෙන්වා දුන්නේ ය.

චන්දිමා කරුණාරත්න – දිනමිණ

READ:   ධානිෂ් අලි අත්අඩංගුවට
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්