දේශීය

බුරවි සුළිකුණාටුව අද රාත්‍රීයේ නැගෙනහිර වෙරළට – කාලගුණයෙන් රතු නිවේදනයක්

සුළි කුණාටුව නැගෙනහිර වෙරළට ආසන්න වන අවස්ථාවේදී මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටර් එකක් පමණ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමිටර් 80 ත් 100 ත් දක්වා ඉහළ යා හැකි බවයි.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව අද සවස හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර වෙළරින් දිවයිනට ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ සුළි කුණාටුව මඩකලපුව සහ පේදුරුතුඩුව ප්‍රදේශ අතරින් දිවයිනට ඇතුළු විය හැකි බවයි.

දැනට එය ත්‍රිකුණාමලයට ගිනිකොන දෙසින් කිලෝමිටර් 330 ක් දුරින් නැගෙනහිරට බරව ස්ථානගත වී තිබේ.

සුළි කුණාටුවත් සමග සුළඟේ වේගය පැයට කිලෝමිටර් 75- 85 ත් අතර වන අතර එය පැයට කිලෝමිටර් 95 දක්වා වරින් වර වැඩිවිය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන් ය.

සුළි කුණාටුව ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හමා යනු ඇති.

උතුරු, උතුරුමැද , නැගෙනහිර , වයඹ , බස්නාහිර, මධ්‍යම , සබරගමුව පළාත්වලට කාලගුණයෙන් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම ප්‍රදේශවල පැයට කිලෝමිටර් 80 ත් 100 ත් දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවයි.

උතුර, උතුරු මැද, නැගෙනහිර හා වයඹ පළාත්වල බොහෝ ස්ථානවලට නිරන්තරයෙන් වැසි ලැබෙන අතර ඇතැම් ස්ථානවලට මිලිමිටර් 200 ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

දිවයිනේ සෙසු පළාත්වලටද මිලිමිටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද වාර්තා වනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධිවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසයි.

මේ අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව අද පස්වරුවේ එම ප්‍රදේශවලින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා සඳහන් කළේ, පවතින සුළි කුණාටු තත්ත්වය සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ ජනතාව මේ වන විටත් දැනුවත් කර ඇති බවයි.

මීට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සුළඟේ වේගය ද පැයට කිලෝමිටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි අතර අද දිනයේ උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මි.මි. 200ට වඩා වැඩි තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

බුරෙවි සුළි කුණාටුව මේවන විට පවතින්නේ, නැගෙනහිර වෙරළට කිලෝමීටර් 240ක් ආසන්නවයි.

Recent Posts

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

5 hours ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

5 hours ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

5 hours ago

Ceylon Green Life Plantation පිළිබඳ සාවද්‍ය තොරතුරු ප්‍රචාරයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…

7 hours ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

3 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

4 days ago