ව්‍යාපාරික

Ceylon Green Life Plantation පිළිබඳ සාවද්‍ය තොරතුරු ප්‍රචාරයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විවිධ තොරතුරු පිළිබඳව සමාගමේ අවධානය යොමුව තිබේ.

සමාගම පවසන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ අංශයක් මගින් වැවිලි සමාගම් සම්බන්ධයෙන් සිදුකරන අධීක්ෂණ ක්‍රියාවලියක් හේතුවෙන් මෙම තත්ත්වය පිළිබඳව සමාජයේ කතාබහක් ඇති වී ඇති බවයි.

CGLP පවසන පරිදි, ලියාපදිංචි වැවිලි සමාගම් කිහිපයක් සම්බන්ධයෙන් අදාළ විමර්ශන හා අධීක්ෂණ කටයුතු සිදු කෙරෙන අතර, එම ක්‍රියාවලියේ කොටසක් ලෙස ගිණුම් සම්බන්ධයෙන් සීමා පැනවීමක් සිදුව තිබේ. එම සීමා තවදුරටත් පවත්වාගෙන යාම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන ඇති බව සමාගම සඳහන් කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයන්ට තම ප්‍රතිලාභ ලබාගැනීමේදී අපහසුතාවක් මතුව ඇති බවත්, ඒ හේතුවෙන් ගොවි ජනතාවද යම් බලපෑමකට ලක්ව ඇති බවත් CGLP පෙන්වා දෙයි.

මේ අතර, සමාගම පවසන්නේ තම ආයතනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ WhatsApp කණ්ඩායම් ඔස්සේ විවිධ තොරතුරු සංසරණය වෙමින් පවතින බවයි. එම තොරතුරු අතරින් ඇතැම් ඒවා සාවද්‍ය හෝ නොමඟ යවනසුලු බවට සමාගමේ නීති අංශය අවධානය යොමු කර තිබේ.

CGLP නීති අංශය පවසන්නේ, සමාගමට හෝ එහි සභාපතිවරයාට කිසිදු ව්‍යාපාරික තහනමක් පනවා නොමැති පසුබිමක, සමාගම සම්බන්ධයෙන් ජනතාව අතර අනවශ්‍ය බියක් හෝ කලබලයක් ඇති කළ හැකි ආකාරයේ තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

එමෙන්ම, අධිකරණය හමුවේ පවතින කරුණු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ඇතැම් ප්‍රකාශ අධිකරණ ක්‍රියාවලියට බලපෑම් ඇති කළ හැකි බවටද සමාගමේ නීති අංශය අවධාරණය කරයි.

මෙවැනි සාවද්‍ය හෝ තහවුරු නොකළ තොරතුරු මත කලබල නොවන ලෙස CGLP පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටී.

සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ, ගරු අධිකරණයේ තීරණය හා අදාළ නීතිමය ක්‍රියාවලියට අනුව පාරිභෝගිකයන්ගේ ප්‍රතිලාභ සුරක්ෂිතව ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි.

ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තම ආයතනය අඛණ්ඩව කටයුතු කරන බවත්, ඉදිරියේදීද එම වගකීම අඛණ්ඩව ඉටු කරන බවත් CGLP ඉහළ කළමනාකාරීත්වය වැඩිදුරටත් සඳහන් කරයි.

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

3 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

3 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

4 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

4 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

4 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

4 days ago