කෝවිඩ්-19 කාලගුණික වෙනස් වීම් අනුව මතුව යටපත් වන වෛරසයක් වනු ඇත

කොවිඩ්-19 මහජනයා සාමුහික ප්‍රතිශක්තියක් ඇතිකර ගන්නා තුරු, තුන් දා උණ මෙන් සෘතු වෙනස් වන වකවානුවල මතුවන වෛරසයක් බවට පත්වනු ඇතැයි ‘ලයිව් සයන්ස්’ අන්තර්ජාල සඟරාවේ ජ්‍යෙෂ්ඨ ලේඛිකා රැචෙල් රෙට්නර් පවසයි. ඇය තවදුරටත් පවසන්නේ, ලොව පුරා පුද්ගලයින් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සාමූහික ව ඔරොත්තු දීමේ හැකියාවක් ඇති කර ගන්නා තුරු වෛරස ආසාදනය නොනැවතී මහජනතාව අතර පවතිනු ඇති අතර, එය එතෙක්, මිනිසුන් අතර සැරිසරමින් අවුරුද්ද මුළුල්ලේ ම මහජනයා රෝගාතුර කෙරෙමින් පැතිර පවතිනු ඇති බවයි. ලෙබනනයේ, බීරුට්හි ඇමරිකන් සරසවියේ වෛරස පිළිබඳ සහාය මහාචාර්ය හසන් සරකෙත්ගේ ප්‍රකාශයක දැක්වෙන්නේ, සාමුහික ප්‍රතිශක්තිය ඇතිවන තෙක්, දිගින් දිගට ම, මුවාවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, දෑත් පිරිසිදුව තබා ගැනීම සහ පිරිස් එකතුවීම් මග හැරීම ආදි සෞඛ්‍යාරක්ෂන ක්‍රම අනුගමනය කරමින්, මහජනයාට ඒ සමග ජීවත් වීමට සිදුවනු ඇති බව ය. වෛරසයක් සෘතුවෙන් සෘතුවට මතුවන එකක් බවට පත් වන්නේ කෙසේ ද?

කලින් කල මතුවන බොහෝ වෛරස මතුවීමේ රටාවක් දැකිය හැකි ය. නිදසුනක් වශයෙන්, සෞම්‍ය දේශගුණයක් පවත්නා ප්‍රදේශවල සීත දේශගුණයත් සමග තුන් දා උණ රෝගය පැතිරීම උත්සන්න වන අතර, පරිසරය උණුසුම් වීමත් සමග මග හැරී යයි. සාමාන්‍ය සෙම්ප්‍රතිෂ්‍යාව ඇති කරවන සමහර කොරෝනා වෛරසයන් ද එබඳු ය. එම වෛරසයන්, එවන් කලින් කලට ඇතිවීමේ රටාමය ස්වරූපයක් අනුගමනය කරන්නේ ඇයි දැයි යන්න පිළිබඳ නිශ්චිත දැනුමක් විද්‍යාඥයන්ට නැත. ඔවුන් අදහස් කරන්නේ, සාධක ගණනාවක් එහි ලා මූලික වනු ඇති බව ය. නිදසුනක් ලෙස, අධ්‍යයනයන් යෝජනා කරන්නේ, ශ්වසන පද්ධතිය ආසාදනය කරවන වෛරස වර්ග වඩාත් ස්ථාවර බවත්, සිසිල් දේශ ගුණයත්, වාතයේ අඩු තෙතමනයත් පවත්නා විට, සුළඟේ පාවෙමින්, පරිසරයෙහි බොහො කලක් රැඳී සිටින බවත් ය. සීත කාලගුණය පවත්නා විට, නිවෙස් තුළ රංචු ගැසීම වැනි මානව හැසිරීම්වලින් මේවායේ පැතිරීම ඉහළ යා හැකි ය. කොවිඩ්- 19 ඇති කරවන සාර්ස් කොවිඩ්-2 වෛරස පිළිබඳ ව කෙරුණ මුල් අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ, සීත කාලගුණය වෛරසයේ පැතිරීම ඉහළ නැංවිය හැකි අතර, ග්‍රීෂ්ම කාලයේ පහළ යා හැකි බව ය. කවර බෝවෙන රෝගයක් පිළිබඳ ව වුවත්, අසාදිතයන් සංඛ්‍යාව පහත වැටීම සඳහා ‘මූලික ප්‍රජනන අංකය’ (R0) බින්දුවෙහි තිබිය යුතු ය.

එසේ නොමැති නම්, ආසාදනය වන සාමාන්‍ය පුද්ගලයින් සංඛ්‍යාව එක් තැනැත්තෙකුටත් වඩා අඩු විය යුතු ය. කොවිඩ් R0 අගය පවත්නේ සාපේක්ෂක ව ඉතා ඉහළ අගයක ය. බොහෝ විද්‍යඥයන්ගේ ගණනය කිරීම් අනුව, 1.3ක් වූ තුන්දා උණ වෛරසයේ ප්‍රජනන අගය හා සසඳන විට, කොවිඩ්-19 වෛරසයේ එය පවත්නේ 2 ත් 3 ත් අතර ය.විද්‍යාඥයන්ට අනුව, කොවිඩ්-19 හි ඉහළ ප්‍රජනන අගයක් (R0) තිබීමට හේතුවනු ඇත්තේ, තවත් කරුණු අතර, මහජනයා තුළ මෙම වෛරසයට ඔරොත්තු දීමේ හැකියාවක් ඉන් පෙර පටන් නොතිබීම ද විය හැකි ය. වෛරසය කාලගුණික වෙනස් වීම් පාදක කරගත් සාධකයන්ට මැඩ පැවැත්විය නොහැක්කේ එහි පවත්නා මේ ඉහළ ප්‍රජනන ශක්‍යතාවය යයි (R0), විද්‍යාඥයෝ විශ්වාස කරති. එනිසා, මහජන සෞඛ්‍ය මැදිහත් වීමක් නොවුවහොත්, බොහෝ රටවල දී අත්දුටු ආකාරයට කොවිඩ්-19 ලොව වටා සැරි සරමින් තව කලක් පවතිනු ඇත.එන්නතක් සොයා ගතහැකි වුවහොත්…

ඊට වෙනස් ව, පැහැදිළි ව ම රෝගය පැතිරීම පාලනය කළ හැක්කේ, ස්වාභාවික ව හෝ කෘතිම එන්නතක් මගින් වැඩි පිරිසකගේ ප්‍රතිශක්තිය තහවුරු කර, ප්‍රජනන හැකියාව R0 දක්වා අඩු කිරීමට පියවර ගෙන, කාලගුණික වෙනස්කම් අනුව වෛරසයේ මතුවීම ඉහළ පහළ යාම අහෝසි කරවීමෙන් ම පමණි.කොවිඩ්-19 එන්නතක් සොයා ගතහැකි වුවහොත්, එය වෛරසයේ පැතිරීම පාලනය කරවනු ඇති නමුත්, එමගින් වෛරසය මුළුමනින් ම නැති කර දැමිය හැකි නොවනු ඇත. එසේ වන්නේ, එන්නත සොයා ගත් පසුත් නොනැසී පවත්නා සමහර වෛරස වර්ග කොතෙකුත් තිබෙන බැවිනි. කිසිදු වෛරසයක් සඳහා 100% එන්නතක් සෙවිය නොහැක. ඊට අමතර ව, එන්නතෙන් ලබාදෙන සුරක්ෂිතතාව කාලයත් සමග පිරීහෙන්නකි. එ පමණක් නොව, වෙරසය ද වෙනස් වී, ප්‍රතිශක්තියෙන් ලබාදෙන සුරක්ෂිතතාව මගහැර යාමට අවස්ථාව සලසා ගැනීම ද විය හැකි ය. මේ හැරුණ විට, කොවිඩ්-19 පිළිබඳ අළුත් ම තොරතුරක් ‘ලයිව් සයන්ස්’ අන්තර්ජාල සඟරාව ලබාදෙයි. විද්‍යාඥයන්ට දැක ගැන්මට ලැබෙන ආකාරයට, කොවිඩ්-19 ක්ෂනික ලේකැටි ගැසීම් ඇති කරවන ප්‍රතිදේහ නිපදවන බවක් අනුමාන කෙරේ. මිනිසුන් හිටි හැටියේ මැරී වැටෙන්නේ ඒ හේතුවෙනි. ඒ පිළිබඳ ව මතුවට බලාපොරොත්තු වන්න

.- -Live Science සඟරාවට Rachael Rettner ලියූ ‘COVID-19 may become a seasonal virus’ නම් ලිපිය ලංකා ඊ නිවුස් සඳහා සැකසූයේ -කුඩගම්මන සීලරතන හිමි

Recent Posts

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

4 days ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

4 days ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

4 days ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

4 days ago

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි.

"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…

1 week ago

උතුරේ දන්සල් පැවැත්වීම ගැන සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…

1 week ago