Saturday, April 18, 2026
Homeදේශීයළමා මන්ද පෝෂණයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකියි - අධ්‍යාපන ඇමති

ළමා මන්ද පෝෂණයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකියි – අධ්‍යාපන ඇමති

2021 වසරේ වාර්තා සළකා බලන විට මෙරට ළමා මන්දපෝෂණයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

කොවිඩ් වසංගතය නිසා පාසල් වසා තැබීම හේතුවෙන් 2021 වසරේ පාසල් සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදුකර නොමැති බවත්, 2016 ට සාපේක්ෂව 2020 වසරේ ශ්‍රී ලංකාවේ පාසල් යන වයසේ සිසුන්ගේ කෙටි කාලීන මන්ද පෝෂණයේ අඩුවක් පෙන්නුම් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

2021 වසරේ සමාජ හා ආර්ථික අයහපත් තත්ත්වය හේතුවෙන් මෙම සෞඛ්‍ය දර්ශකයන්ගේ අගයන් ඉහළගොස් මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් ප්‍රමාණය ද ඉහළ යෑමක් අපේක්ෂා කළ හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

READ:   ටයිල් ගෙන්වූ ව්‍යාපාරිකයෙකුට ඇමති විමල් තදින් සිටී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්