Friday, October 16, 2026
Homeදේශීයප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තිකා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක සිට රෝගාතුරව සිටි චන්ද්‍රමාලි මහත්මීය මිය යන විට 61 වන වියෙහි පසුවුණ.

1964 දී හම්බන්තොට මුල්කිරිගල ප්‍රදේශයේ දී උපත ලබා ඇති ඒ මහත්මිය ටෙලි නාට්‍ය රැසකට මෙන්ම චිත්‍රපට රැසකට ද රංගනයෙන් දායක වුණා.

එතුමිය සිය රංගන දායකත්වය දැක්වු ටෙලි නාට්‍ය අතර චාරුලතා, මතුපලස, ගිරිකුල, දෙනුවර මැණිකේ, කන්දේ ගෙදර ආදී ටෙලි නාට්‍ය ප්‍රේක්ෂක හදවත් ඇඳබැද ගත් ටෙලි වෘතාන්ත බවට පත්විය.

චන්ද්‍රමාලි මහත්මිය සරෝජා, ප්‍රවේගය, රන්කෙවිට ආදී චිත්‍රපට රැසකට ද සිය රංගන දායකත්වය දක්වා තිබෙනවා.

සුසන්තිකා චන්ද්‍රමාලි මහත්මිය යොවුන් රංගන ශිල්පිනි තිසුරි යුවනිකා මහත්මියගේ මව ද වෙනවා.

READ:   වැඩ බලන ජනපතිගෙන් ජනතාවට සහන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්