Saturday, April 18, 2026
Homeදේශීයමත්ද්‍රව්‍ය ජවාරම් සිදු කළ කාන්තාවක් STF අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජවාරම් සිදු කළ කාන්තාවක් STF අත්අඩංගුවට

දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නල්ලපෙරුමතන්ත්‍රිගේ දනුක රෝෂාන් නොහොත් කෙසෙල්වත්තේ දනුක යන අයගේ සමීපතමයකු වන කෙසෙල්වත්තේ දිනුෂ යන අය සමඟ සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජවාරම සිදු කල කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකායෙ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ උප පොලිස් පරික්ෂක ඒ.ඩී.කේ. චින්තක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.04.09 වන දින කෙසෙල්වත්ත පොලිස් වසමේ අංක 10/1, සාංචිආරච්චි වත්ත, කොළඔ 12 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 05, මිලි ග්‍රෑම් 880 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද රුපියල් 63,000.00 ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි කොළඔ 12, සාංචිආරච්චි වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද, සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී මැය දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නල්ලපෙරුමතන්ත්‍රිගේ දනුක රෝෂාන් නොහොත් කෙසෙල්වත්තේ දනුක යන අයගේ සමීපතමයකු වන කෙසෙල්වත්තේ දිනුෂ යන අය සමඟ සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජවාරම සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.

READ:   මහ බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 1671 මිලට ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්