Thursday, April 17, 2025
Homeදේශීයඅනුරාධපුරය රෝහලේ සිද්ධිය පිළිබදව GMOA එකෙන් විශේෂ ප්‍රකාශයක්

අනුරාධපුරය රෝහලේ සිද්ධිය පිළිබදව GMOA එකෙන් විශේෂ ප්‍රකාශයක්

අනුරාධපුරය රෝහලේ අවාසනාවන්ත සිදුවීම පිළිබදව මීට ස්වල්ප වේලාවකට පෙර රජයේ වෛද්‍ය නිලධාරනිගේ සංගමය මාධ්‍ය හමුවක් කැදවමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා.

උපුටා ගැනීම.

මෙම පසුබිම තුළ මෙරට රෝහල් පද්ධතියේ සේවය කරන වෛද්‍යවරියන්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවිනිශ්චිතතාවයක් මතුවී ඇත.අනාරක්ෂිත වෘත්තිය පරිසරයක් තුළ සේවය කිරීමට කිසිදු වෛද්‍යවරයෙක් සූදානම් නැත.
නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම්, දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ඇතුළු ඕනෑම තත්ත්වයේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් වෙත
යොමුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම්..මෙම සංවේදී අවස්ථාවේදී, අප සහෝදර වෛද්‍යවරියගේ අනන්‍යතාවයට සහ පෞද්ගලිකත්වයට හානි
නොවන ලෙස කටයුතු කරන මෙන් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා උපුටා ගැනීම අවසන්.

පසුව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය වැඩි දුරටත් සදහන් කළ සිටියේ වෛද්‍යවරියගේ අනන්‍යතාවයට සහ පෞද්ගලිකත්වයට හානියක් නොවන පරිදි මාධ්‍ය භාවිතාව සිදුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාට ඉල්ලීමක් ද සිදු කළ බවයි. එම නිවේදනය පහතනින් දැක්වෙයි

READ:   ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්