Friday, June 19, 2026
Homeදේශීයරජයේ මුද්‍රණාලාධිපතිනිය සහ පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම හමුවට කැඳවයි

රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම හමුවට කැඳවයි

රජයේ මුද්‍රණාලාධිපතිනිය පොලිස්පතිවරයා සහ තැපැල්පතිවරයා අද ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.

ඒ ජනාධිපතිවරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා යි.

ජනාධිපතිවරණය පැවැත්වීමට සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගවලට අදාළ කරුණු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව එහි සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා පැවසුවා.

මේ මාසය අවසාන වීමට පෙර ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.

READ:   BREAKING NEWS: ජනාධිපතිවරණය පවත්වන දිනය ගැන මැතිවරණ කොමිසම දැනුම්දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්