රජයේ මුද්‍රණාලාධිපතිනිය පොලිස්පතිවරයා සහ තැපැල්පතිවරයා අද ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.
ඒ ජනාධිපතිවරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා යි.
ජනාධිපතිවරණය පැවැත්වීමට සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගවලට අදාළ කරුණු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව එහි සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා පැවසුවා.
මේ මාසය අවසාන වීමට පෙර ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.