නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
එම අමාත්‍ය ධූර පහත පරිදි වෙයි
- දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
- ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය
- රමේෂ් පතිරණ මහතා – අධ්‍යාපන, වැවිලි කර්මාන්ත
- ප්‍රසන්න රණතුංග මහතා – මහජන ආරක්ෂක, සංචාරක
- දිලුම් අමුණුගම මහතා – ප්‍රවාහන, කර්මාන්ත
- කණක හේරත් මහතා – මහාමාර්ග
- විදුර වික්‍රමනායක මහතා – කම්කරු
- ජානක වක්කුඹුර මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග
- ෂෙහාන් සේමසිංහ මහතා – වෙළෙඳ, සමෘද්ධි සංවර්ධන
- මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා – ජල සම්පාදන
- විමලවීර දිසානායක මහතා – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
- කංචන විජේසේකර මහතා – බලශක්ති, විදුලිබල
- තේනුක විදානගමගේ මහතා – තරුණ හා ක්‍රීඩා
- නාලක ගොඩහේවා මහතා – ජනමාධ්‍ය
- චන්න ජයසුමන මහතා – සෞඛ්‍ය
- නසීර් අහමඩ් මහතා – පරිසර
- ප්‍රමිත බණ්ඩාර තේනතකෝන් මහතා – වරාය හා නාවික
ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රී යන මහත්වරුන් දැරූ අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදු නොවන බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි