අද (18) සිට බලපැවැත්වෙන පරිදි වෙළෙඳ දින 05 ක කාලපරිච්ඡේදයක් සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට තීරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.
ඒ අනුව 2022 අප්‍රේල් 18වැනිදා සිට 22වැනිදා දක්වා වෙළෙඳපොළ වසා තැබේ.
කෙසේ වෙතත්, මෙම කාලසීමාව තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ කාර්යාල විවෘතව පවතිනු ඇත.
දිනමිණ වාර්තාවකි