Saturday, September 14, 2024
Homeක්‍රීඩාවනිඳු හසරංග ට දඩ

වනිඳු හසරංග ට දඩ

ලංකා ප්‍රිමියර් ලීග් ( LPL) විනය නීති කඩ කිරීම සම්බන්ධයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට දඩ නියම කිරීමට එල්.පී.එල් තරග සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වනිඳු හසරංගට තරග මුදලින් 25%ක දඩයක් සහ බිනුරට තරග මුදලින් 20%ක දඩයක් නියම කළ බව සඳහන්.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට අයත් නොවන හෙල්මටයක් පැළඳ ක්‍රීඩා කිරීම හේතුවෙන් නායක වනිඳු හසරංගට මෙම දඩ මුදල නියම කර තිබෙනවා.

කොළඹ කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට ජුලි 2 කැන්ඩි කණ්ඩායමට එරෙහි තරගයේදී ඔහු විනිසුරු උපදෙස්වලට අවනත නොවීම හේතුවෙන් මෙම දඩ මුදල පැනවූ බව සඳහන්.

READ:   ගාල්ල පරාජය කරමින් කැන්ඩි LPL අවසන් මහා තරගයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්