Sunday, June 14, 2026
Homeදේශීයසංහිදියාවේ පණිවුඩය රැගත් පෙරහර දොඩංගොඩ තෙබුවනින් වීදි බසී

සංහිදියාවේ පණිවුඩය රැගත් පෙරහර දොඩංගොඩ තෙබුවනින් වීදි බසී

සිංහල දමිල ජනතාවගේ සංහිදියාව පෙරදැරි කර ගනිමින්, රටට ආදර්ශයක් දෙන්නට දොඩංගොඩ ප්‍රාදේශීය විහාරාධිපති සංගමයේ ලේඛකාධිකාරී පූජ්‍ය තෙබුවන ඤාණින්ද නාහිමියන්ගේ අනුශාසනා මත තෙබුවන සිංහල දමිළ,ජනතාව පෙරදැරි කරගත් සංහිදියාවේ පෙරහැර ජූලි මස 6 වනදා අති සාර්ථකව වීදි සංචාරය කලා.

ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ හා සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා ප්‍රමුඛ එම පදනමේ සම්බන්ධීකරණයද මීට ලබා දී තිබුනා.

තෙබුවන සිංහල හා දමිල ජනතාව මෙන්ම,තරුණ කැල සහ ගමේ සංවිධාන රැසක දායකත්වයෙන් මෙම පෙරහැර ක්‍රියාවට නැංවුනා.

මෙම පෙරහර නම් කෙරුනේ බෞද්ධ හා හින්දු බැතිමතුන්ගේ සංහිඳියාවේ මිහිඳු මහා පෙරහැර ලෙසයි.

තෙබුවන ලිස්ලීන් වත්ත ශ්‍රී කාලිමෑණි අම්මානම් දේවස්ථානය,අසලින් ගමන් ඇරඹු සංහිදියාවේ පෙරහැර,හින්දු ආගමට අනුව ආගමික වතාවත් සිදු කෙරුණු අතර,
බෞද්ධ ආගමට අනුව කරඩුන් වහන්සේ හස්ති රාජයා මත තැන්පත් කිරීමද සිදු කලා.

මේ මා හැගි උතුම් කර්තව්‍ය සදහා වාසනා බේකරියේ අධිපතිතුමන් ඇතුලු ව්‍යාපාරික ප්‍රජාව,ගම්වාසීන් සිය දායකත්වය ලබාදී තිබුනා.

සංහිදියාවේ මිහිඳු මහා පෙරහර සදහා විශේෂ ආරාධිතයෙක් ලෙස ආකල්ප සංවර්ධන උපදේශක ආචාර්ය දිසානාත් පීරිස් මහතාද එක් වූ අතර, එකමුතුව ජන ජීවිතය නගා සිටුවිය යුත්තේ කෙසේද යන මැයෙන් විශේෂ සජීව සාකච්ඡා මණ්ඩපයක්ද මෙහිදී සිදු කෙරුනා.

තෙබුවන ග්‍රන්ථාකර පිරිවෙනෙහි විහාරාධිපති හා කෘත්‍යාධිකාරී පූජ්‍ය තෙබුවන ඤාණින්ද නාහිමියන් පැසුවේ, සිංහල හා දමිළ ජනතාවගේ සංහිදියාව වර්ධනය කෙරෙන මෙම පෙරහැර සෑම වසරකම පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.

READ:   බඩ ඉරිඟු සඳහා රසායනික පොහොර අවශ්‍ය නම් Online ලියාපදිංචි විය යුතු බවට නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්