Saturday, April 18, 2026
Homeදේශීයමෙන්න ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගත්තු වැඩ්ඩෝ ටික

මෙන්න ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගත්තු වැඩ්ඩෝ ටික

2020-10-11 වැනි දින පැවැත්වූ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (15) නිකුත් කරන ලද අතර, මෙවර ශිෂ්‍යත්ව සමතුන් 20,250ක් ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් ලබා සිටී. විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 250ක් මීට ඇතුළත් ය.

ශිෂ්‍යත්ව විභාගය සඳහා  මෙවර සිසුන් 331,741ක් අයදුම් කර තිබූ අතර, ඉන් සිසුන් 326,264 දෙනෙක් විභාගය සඳහා පෙනී සිටියහ. විභාග මධ්‍යස්ථාන 2936ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496ක් යොදාගනිමින් මෙවර විභාගය පවත්වන ලද අතර, කොවිඩ් දෙවන රැල්ල හමුවේ නිරෝධායන ඇඳිරිනීති මධ්‍යයේ ඇතැම් ප්‍රදේශවල විභාගය පැවැත්වීමට ද සිදුවිය. විභාගය පැවැත්වෙන අවස්ථාව වනවිට නිරෝධායනය වෙමින් සිටි සිසුදරුවන් තිදෙනෙක්, කොවිඩ් ආසාදිත ව සිටි සිසුන් දෙදෙනෙක්  සහ  අපේක්ෂා රෝහලේ සිට සිසුන් තිදෙදෙනෙක්, විභාගය සඳහා පෙනී සිටියහ.

කොවිඩ් පිළිබඳ කාර්ය සාධන බළකාය, සෞඛ්‍ය අංශ, පොලිස් දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආරක්ෂක අංශ, සියලු ම ප්‍රවාහන අංශ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඇතුළු බොහෝ ආයතන වෙතින් අධ්‍යාපන අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට මෙවර විභාගය පැවැත්වීමට සහ අදාළ ඇගයීම් කටයුතු පවත්වාගෙන යාමට පූර්ණ සහාය ලැබිණි.

ඒ අනුව, ඇගයීම් මණ්ඩල 390ක් තුළ පරීක්ෂකවරුන් 4680ක් සම්බන්ධකරගනිමින් දින 08ක කාලයක් ඇතුළත මෙම විභාගයේ ඇගයීම් කටයුතු සිදුකරන ලදී. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ 100%ක් ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු සිටී. සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් වෙත විභාග දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කරමින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හරහා හෝ සෘජුවම www.results.exams.gov.lk වෙබ් සබැඳිය වෙත පිවිස ප්‍රතිඵල ලේඛන බාගත කරගැනීමට හා මුද්‍රණය කරගැනීමට ද අවස්ථාව සලසා ඇත.

රට තුළ පැවති වාතාවරණය හමුවේ සියලු අභියෝගවලට නොසැලී මුහුණ දෙමින් විභාගයට පෙනී සිටි සියලු දූපුතුන්ටත්, විභාගය පැවැත්වීමට සහාය වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සියලු පාර්ශවයන්ටත්, ජනතාව දැනුවත් කිරීම් වෙනුවෙන් පූර්ණ සහාය පළ කළ සියලු මාධ්‍ය ආයතනවලටත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය කෘතවේදී ස්තුතිය පළ කරයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ මුලු ලකුණු 200ම ලබාගනිමින් 100% ප්‍රතිඵල වෙත ළඟා වූ සිසුන්ගේ  නාම ලේඛනය පහත සඳහන්ව ඇත.

READ:   නැගෙනහිර පර්යන්තය ආණ්ඩුවට - බටහිර පර්යන්තය ගැන තීරණයට අනු කමිටුවක්

නම                                                   පාසල

එම්.එෆ් මොහොමඩ් අමර්                    මරදාන සහිරා විද්‍යාලය

ඒ.එච් සිහත් සන්දිනු                            පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

දෙව්ලි යසස්මි තිලකරත්න                   ඉංගිරිය සුමනජෝති කනිෂ්ඨ විද්‍යාලය

එම්.ඩී.එච් සස්මිත ගුණතිලක                කලුතර, බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලය

එස්.ඩී. සියති විතුම්සා                          ගාල්ල, සංඝමිත්තා බාලිකා විද්‍යාලය

ඩබ්ලිව්. ඒ තසිඳු කවිශාන්                    තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය – කදුරුපොකුණ

පී.කේ.දොවිඳු චිරන්ජිත්                       ඇඹිලිපිටිය ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලය

එච්.එම් සෙනුදි දම්සරා                        ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලය

එච්.එම් තේනුජ මනුමිත බණ්ඩාර         පොළොන්නරුව සිරිපුර ප්‍රාථමික විද්‍යාලය

යෙහාර යෙත්මිණි ඈපා                       මහනුවර උසස් බාලිකා විද්‍යාලය

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්