විපක්ෂ මන්ත‍්‍රීන් වන ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් දෙදෙනාට ආණ්ඩු පක්ෂයේ ආසන ලබාදෙන ලෙසට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

20 වැනි සංශෝධනයට අදාළව ඡුන්ද විමසීමේදී මෙම මන්ත‍්‍රීවරුන් දෙදෙනා ඇතුළු තවත් මන්ත‍්‍රීවරු හත්දෙනෙක් ආණ්ඩුවට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කළහ. ඩයනා ගමගේ මන්ත‍්‍රීවරියට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ ආසනයක් ද, අරවින්ද කුමාර් මන්ත‍්‍රීවරයාට විපක්ෂය පැත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිටින පැත්තේ ආසනයක් ද ලබා දීමට කටයුතු යොදා ඇත.
ආණ්ඩුවට පක්ෂව ඡුන්දය ලබා දුන් සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත‍්‍රීවරුන් නව දෙනාට ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී ආසන ලබාදෙන ලෙස විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගියදා ඉල්ලීම් කර තිබුණි. කෙසේ වෙතත් ආණ්ඩුවට සහාය දුන් සෙසු මන්ත‍්‍රීවරුන් හත් දෙනා සම්බන්ධයෙන් සභානායකවරයා වේත‍්‍රධාරිවරයාගෙන් ආණ්ඩු පක්ෂයේ ආසන පැනවීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කර නැත.
දිවයින පුවත්පත


