ලබන වසරේ මාස 6ක් යන විට ලංකාවේ කුඩු තියෙනවා කියන කතාව, අවසන් කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
නුගේගොඩ කොට්ඨාසයේ දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.
නුගේගොඩ පොලිස් කොට්ඨාසය තුළ මත්ද්‍රව්‍ය හා බෙදාහැරීමේ ජලයේ 293 දෙනෙක් ක්‍රියාත්මක බවත් යුක්තිය මෙහෙයුම යටතේ සතියක් තුළ ඉන් 105ක් අත්අඩංගුවට ගත් බවත් පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.
පොඩි මිනිසුන් පමණක් අත්අඩංගුවට ගන්නවා රටට කුඩු ගේන තෝරූ මෝරූ අල්ලන් නෑ යනුවෙන් මහජනතාව පොලිසියට එල්ලකරන චෝදනාවට දේශබන්දු මහතා මෙහදී පිළිතුරු දී සිටියා.
කුඩා ප්‍රමාණයේ පිරිස්, මධ්‍යම ප්‍රමාණයේ ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම හරහා මෙරටට කුඩු ගෙන්නන දැවැන්තයන් කව්ද යන්න දැනගෙන ඔවුන් ද නීතියේ රැහැනට කොටු කර ගන්නා බවයි පොලිස්පතිවරයා පැවසුවේ.
තවදුරටත් විස්තර සහිත විඩියෝව පහතින්,


