රට තුළ මත්ද්‍රව්‍ය හා පාතල ක්‍රියාකාරකම් වැඩිවුණේ අරගලය හේතුවෙන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
පොලිස් නිලධාරීන් ට මහපාරේ සිට අරගල මැඩපැවැත්වීමට සිදුවූ බවත් එනිසා අපරාධ ඇතුලු රාජකාරී ගැන බැලීමට අවස්ථාවක් නොලැබුණු බවත් ඔහු පෙන්වා දෙනවා.
පොලිස් නිලධාරීන් ට අරගල කරුවන් සැලකූ ආකාරය රටම දැක්ක බව ඒ මහතා ප්‍රකාශ කළා.
යුනිෆෝම් එකක් ඇඳන් සිටින පොලිස් නිලධාරියා ඊට කාටවත් අභියෝග කිරීමට නොදී තදින් ක්‍රියා කළ යුතු බවට තමන් ඉන්පසු පොලිසියට උපදෙස් ලබා දුන් බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
විස්තර සහිත විඩියෝව පහතින්,


