Saturday, September 12, 2026
Homeදේශීයවිරෝධතා මැද ඔන්ලයින් පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

විරෝධතා මැද ඔන්ලයින් පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

සමාජයේ වඩාත් කතාබහට ලක්වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය (Online) පිළිබඳ පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින්.

ටිරාන් අලස් මහතා විසින් මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ, අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ශව රැසක දැඩි විරෝධය එල්ල වී තිබෙන පසුබිමකයි.

කුමන පාර්ශවයන් විරුද්ධ වුවද මාර්ගගත සුරක්ෂිතතා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන එන බව ඒ මහතා ඊට ඉහත දී අවධාරණය කර සිටියා.

කෙසේ වෙතත් පනත් කෙටුම්පත අද විවාදයට ගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවා.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ඡන්ද විමසීම හෙට (24) පැවැත්වෙනවා.

මෙම පනත් කෙටුම්පත මගින් ඇතැම් සිද්ධීන් පිළිබඳ ප්‍රකාශයන් මාර්ගගත (Online) ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම, තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිතය වැළැක්වීම, සිද්ධියක් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම වැළැක්වීම ඇතුළු මාර්ගගත කටයුතු රැසක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට විධි විධාන සලසා ඇති බව සඳහන්.

READ:   රුසියාවේ මොස්කව් නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙද්දී රුසියාව යුක්රේනයේ ජීවිත රැසක් බිලිගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්