Saturday, April 25, 2026
Homeදේශීයවැටුප් වැඩිවීම ලබා නොදීමට එරෙහිව ලංකා ගුරු සංගමය දැඩි තීරණයක?

වැටුප් වැඩිවීම ලබා නොදීමට එරෙහිව ලංකා ගුරු සංගමය දැඩි තීරණයක?

රටේ ජනතාව ඇතුළු රජ්‍ය සේවකයින් බලාපොරොත්තු වූ කිසිදු සහනයක් මෙවර අයවැයෙන් ලබා දී නොමැති බව ලංකා ගුරු සංගමය පවසනවා.

අයවැයට කලින්ම වැට් එක 18%කින්, ජල ගාස්තු, විදුලි ගාස්තු, සියල්ල වැඩි කර ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙනවා.

ඒ අනුව රාජ්‍ය සේවකයින් බලාපොරොත්තු වූ රුපියල් 20,000ක වැටුප් වැඩිවීම වෙනුවට අප්‍රේල් සිට ලබා දෙන දීමනාව කිසිසේත් පිළිනොගන්නා බව ඔහු ප්‍රකාශ කළා.

අයවැය දෙවනවර තුන්වනවර කියවීම තුළ බලාපොරොත්තු වූ දේ නොලැබෙනවා නම් වෘත්තීය ක්‍රියාමාර්ගය වලට පිවිසෙන බව ස්ටාලින් මහතා අවධාරණය කර සිටියා.

READ:   මවත් සිගිති දියණියත් බිලි ගත් මාරක අනතුර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්