Saturday, October 17, 2026
Homeදේශීයකොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වේ

කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වේ

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්තවී තිබේ. ඒ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි ඔහු ඊයේ (06) රාත්‍රි අභාවප්‍රාප්ත වී ඇත. කොල්ලුරේ මහතා මෙන්ම ඔහුගේ බිරිඳ ද කොවිඩ් 19 ආසාධිතව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලද්දේ මීට දින කීපයකට පෙරයි. රාජා කොල්ලුරේ මහතා මිය යන විට 83 වැනි වියේ පසු විය. ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි රාජා කොල්ලුරේ මහතා මෙරට ජ්‍යේෂ්ඨත ම දේශපාලනඥයෙක්.

READ:   පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය ජස්වර් උමාර්ට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්