Sunday, September 13, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට තවත් අමිහිරි පරාජයක්

ශ්‍රී ලංකාවට තවත් අමිහිරි පරාජයක්

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමග අද (16) පවැති තරගය කඩුලු 5කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වුණා.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 209කට සීමා කරමින්.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 78(82)ක්, පැතුම් නිස්සංක ලකුණු 61(67) චරිත් අසලංක ලකුණු 25(39) වශයෙන් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ සම්බන්ධතාවය නිසා විටක ලකුණු 150කට කිසිවෙකු නොදැවී සිටි ශ්‍රී ලංකා ඉනිම අනෙක් සියලු පිතිකරුවන් අඩුලකුණු සංඛ්‍යාවකට දැවී යාමෙන් බිඳවැටුණා.

පන්දු යැවීමේදී Adam Zampa ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 04ක් බිද දැමුවා.

ලකුණු 210ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 215ක් ලබා තරගය ජය ගත්තා.

Josh Inglis ලකුණු 58(59) යි. Mitchell Marsh ලකුණු 52(51) යි.

Glenn Maxwell පන්දු 21කින් වේගවත් ලකුණු 31ක් රැස් කළා.

දිල්ශාන් මධුසංක කඩුලු 3ක් බිඳ දැමුවා.

READ:   ශ්‍රී ලංකාවෙන් ලකුණු 234ක ඉලක්කයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්