Saturday, June 6, 2026
Homeදේශීයවිදුලි බිඳ වැටීම පසුපස සෘජුව ම ඉන්නේ ඒ අන්තවාදීන් කණ්ඩායම -ලංකා ජේෂ්ඨ...

විදුලි බිඳ වැටීම පසුපස සෘජුව ම ඉන්නේ ඒ අන්තවාදීන් කණ්ඩායම -ලංකා ජේෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය

ඉකුත්ර දා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධව පරීක්ෂණයක් සිදු කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩල ෙජ්‍යෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය රජයෙන් ඉල්ලා සියිනවා. ඔවුන් පවසන්නේ රට පුරා විදුලිය බිඳ වැටීම් යම්කිසි කඩාකප්පල් ක්‍රියාවක් යැයි සැක සහිත බවයි. මේ අදහස් පළ වුණේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී.

ඇතැම් සංගම් අන්තවාදී ලෙස ක්‍රියා කරන බවත් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් දියත් මෙහොතක මෙලෙස එකම ආකාරයකට දෙවරක් සමස්ත විදුලි පද්ධතිය බිඳ වැටීම බරපතළ සැක උපදවන බවත් ඒ පිළිබඳ වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු බවත් ලංකා විදුලි ජේෂ්ඨ ඉංජිනේරු සංගමය පවසනවා.

අන්තවාදී ලෙස ක්‍රියාත්මක එම පිරිස් මේ පිටුපස සෘජුවම සිටින බව ඔවුක්ගේ අදහසයි.

ඊයේ පැවතියේ ලංකා විදුලි ජේෂ්ඨ ඉංජිනේරු සංගමයේ ප්‍රථම මාධ්‍ය හමුවයි.

READ:   සිම්බාබ්වේ කණ්ඩායමට සුපිරි ජයක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්