Tuesday, April 28, 2026
Homeදේශීයමවත් සිගිති දියණියත් බිලි ගත් මාරක අනතුර

මවත් සිගිති දියණියත් බිලි ගත් මාරක අනතුර

අනුරාධපුර, ජයන්ති මාවතේ දී අද (21) දහවල් යතුරුපැදියක් හා ටිපර් රථයක් ගැටී අනතුරක් සිදුවුණා.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ 36 හැවිරිදි මවක් සහ 8 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගියේ රාජාංගනය, දාහතර කොලනිය ප්‍රදේශයේ පදිංචි මවක් සහ දියණියකි.

මියගිය මව රාජාංගනය ප්‍රදේශයේ ගුරුවරියක ලෙස සේවය කර ඇති බව වාර්තා වෙනවා.

ස්කූටි වර්ගයේ යතුරුපැදියක් බස් රථයකට ඉස්සර කිරීමට යෑමේදී පසුපසින් පැමිණි ටිපර් රථයක් යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ටිපර් රථය ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙනවා.

අනුරාධපුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   BREAKING NEWS: දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්