Wednesday, July 29, 2026
Homeදේශීයත්‍රී රෝද රථයක් බස් රථයක ගැටෙයි..

ත්‍රී රෝද රථයක් බස් රථයක ගැටෙයි..

ඇඹිලිපිටිය මිද්දෙණිය මාර්ගයේ පේරවත්ත ප්‍රදේශයේ දී ඇඹිලිපිටිය දෙස සිට මිද්දෙණිය දෙසට ධාවනය වූ බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (08) උදෑසන සිදුවූ මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන්ගත් තිදෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී රියදුරු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් වූ බූකන්දයාල, කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ඇඹිලිපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   තවත් බස් රථයක් අනතුරක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්