Monday, June 15, 2026
Homeදේශීයඩයනා ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය පිලිබඳ ගැටලුව ආයේ ඇදෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඩයනා ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය පිලිබඳ ගැටලුව ආයේ ඇදෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරන නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ඩයනා ගමගේ ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින්.

මෙම පෙත්සම සමාජ ක්‍රියාකාරී ඔෂල හේරත් මහතා විසින් ගොනුකර ඇති බව සඳහන්.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ ට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු මීට පෙර අභියාචනාධිකරණය හමුවේ කරුණු ගොනුකර තිබුණා.

කෙසේ වෙතත් එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ඉකුත් දා අභියාචනාධිකරණය තීන්දු කළා.

READ:   මාලක සිල්වා අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්