Monday, October 26, 2026
Homeදේශීයඅද එළියට යා හැක්කේ ඔත්තේ ඉලක්කම්වලට පමණයි

අද එළියට යා හැක්කේ ඔත්තේ ඉලක්කම්වලට පමණයි

ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව නිවසින් බැහැර යාමට යළි හඳුන්වා දුන් ක්‍රමවේදය අනුව අද (13) දිනයේ බැහැරට යා හැක්කේ ඔත්තේ ඉලක්කමෙන් හැඳුනුපත් අංකය අවසන් වන අයට පමණක් වේ.
මෙම ක්‍රියාවලිය පසුගිය පළමු කොරෝනා රැල්ලෙන් අනතුරුව අද සිට යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
එසේ වුවද රාජකාරී සහ රැකියා සඳහා නිවසින් පිටත්ව යන පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සේවකයින්ට මෙම තත්ත්වය බල නොපාන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහාතා ඊයේ (12) පැවසීය.

READ:   ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දීමෙන් රෝගියෙකු මියගිය බව කියන සිද්ධිය ගැන හොයන්න සෞඛ්‍ය ඇමති ජාතික රෝහලට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්